දුම් පානය කරන්නන් හේතුවෙන් වික්ටෝරියානු ප්‍රාන්තයට ඩොලර් බිලියන 3.8ක වාර්ෂික පිරිවැයක් (SBS සිංහල/ වාර්තා)

Smoking man

PICTURE POSED MY MODELFile photo dated 12/03/13 of a man lighting a cigarette Source: Press Association

වසර 10කින් දුම්පානය කිරීම තුරන් කිරීමේ අරමුණින් වික්ටෝරියානු ප්‍රාන්ත රජය සහ සංවිධාන කීපයක් එක්ව විශේෂ වැඩසටහනක් දියත් කර තිබෙනවා.

 

සෞඛ්‍යය වෙනුවෙන් පෙනී සිටින සංවිධාන 24ක් වික්ටෝරියානු ප්‍රාන්ත රජය සමග මේ ක්‍රියාදාමයට එක්ව ඇති අතර, 2025 වන විට දිනක දුම්පානය කිරීමේ ප්‍රතිශතය සියයට 5 දක්වා අඩු කිරීම මෙම වැඩසටහනේ ඉලක්කය වී ඇති බව සදහන්. වික්ටෝරියානු ප්‍රාන්තය තුල පමණක් 730,000 කට ආසන්න දුම්පානය කරන්නන් ප්‍රමාණයක් සිටින අතර මේ නිසා ප්‍රාන්තයට වාර්ෂිකව  ඩොලර් බිලියන 3.8ක පිරිවැයක් දැරීමට සිදුව ඇති බව Quit Victoria සංවිධානය පෙන්වා දෙනවා.

 

දැනට 13.7ක ප්‍රතිශතයක පවතින වික්ටෝරියානු ප්‍රාන්තයේ දුම් පානය කරන්නන්ගේ ප්‍රතිශතය 2025 සියයට 5 දක්වා අඩු කිරීම එම සංවිධානය පවසනවා.

 

රාත්‍රී සමාජ ශාලා, Pubs සහ ආපන ශාලා වල එළිමහන් ස්ථාන වල තවමත් දුම්බීම සිදු වන බවත්, එවැනි ක්‍රියා තහනම් කිරීම මගින් දුම් බිම සැලකිය යුතු මට්ටමකට අඩු කර ගත හැකි බව Quit Victoria සංවිධානයේ අධ්‍යක්ෂ  වෛද්‍ය Sarah White පවසනවා

 තවද දුම් පානය කිරීම ඉතා අධික මට්ටමක පවතින ප්‍රදේශ වල දුම්වැටි අලෙවි කරන ස්ථාන සිමා කිරීමද සිදු කල යුතු බව වෛද්‍ය Sarah White පෙන්වා දී තිබේ.

 පාසල් අශ්‍රිතව පවතින වෙළද සැල් වල දුම් වැටි අලෙවිය   කිරීම තහනම් කිරීම , මීට වඩා ධනාත්මක බලපත්‍ර ලබාදෙන ක්‍රමවේදයක් හදුන්වාදීම ආදී ක්‍රම මගින් දුම් පානය පාලනය කල හැකි බව ඇයගේ මතය වී තිබේ.

 

මේ අතර මේ වැඩසටහනට සහාය දෙන Thorne Harbour Health, වැඩබලන ප්‍රධාන විධායක  Johann Ruth පවසන්නේ LGBTIQ ප්‍රජාවන් තුල දුම් පානය කරන්නන්ගේ අගය ඉතා ඉහල තැනක පවතින බවයි. සමලිංගික, සංක්‍රාන්ති ලිංගික සහ ද්විලිංගික වැනි පිරිස් අතරේ සාමාන්‍ය සමාජය තුල පවතින ප්‍රතිශතයට වඩා දුම් බිමේ ප්‍රතිශතය තුන් ගුණයක් වැඩි බව ඇය පෙන්වා දෙනවා.

 

තවද නිදන්ගත රෝග වලට  සහ හදවත් රෝග වලට ගොදුරු වීම අවම කරගැනීමට හොඳම පියවර වන්නේ දුම් බීමෙන් වැලකීම බව The Heart Foundation සංවිධානය පවසනවා.  වෛද්‍යවරුන්, හෙදියන් සදහා හදවත් රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරුන් මෙහිදී ජනතාවට දුම් බිමේ ඇති අනතුරුදායක බව පැහැදිලි කල යුතු බව ඇය වැඩි දුරටත් සදහන් කරනවා.

 


2 min read

Published

By Sanjaya Dissanayake

Source: SBS News


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now