නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ සිටින ඔබ බීමත්ව රිය පැදෙව්වොත් on the spot රියදුරු බලපත්‍රය අහිමි කිරීමේ නීති ළඟදීම(SBS සිංහල /වාර්තා)

road

Source: dailymail

NSW රජය විසින් මැයි 20 වැනිදා සිට බීමත්ව රිය පදවනන්නන්ට දැඩි නීති ක්‍රියාත්මක කිරීමට තීරණය කොට තිබේ.

ඒ අනුව ඔවුන්ගේ රියදුරු බලපතරය එසැනින් මාස 3ක් දක්වා අවලංගු වන අතර ඩොලර් 561ක දඩයකටද යටත් වීමට සිදුවේ

NSW හි මහාමාර්ග අමාත්‍ය Andrew Constance පවසන්නේ තම ප්‍රාන්තය බීමත්ව රිය පැදවීම සදහා කිසිදු සමාවක් නොදෙන බවයි.

මේ අනුව "low range " හෙවත් සුලු ප්‍රමාන වලින් බීමත්ව රිය පදවන පුද්ගලයන්ගේද බලපත්‍රය අහිමි වේ. NSW රජය විසින් ඉදිරිපත් කොට ඇති Road Safety Plan 2021, නම් වැඩසටහන ඔස්සේ ප්‍රාන්තයේ මත්පැන් නිසා ඇතිවන අනතුරු වැළක්වීමේ පියවරක් ලෙස මෙම නීති ඉදිරිපත් කොට තිබේ.

එසේම මත්ද්‍රවය භාවිත කොට Mobile Drug Testing (MBT). ක්‍රමය යටතේ හසු වන රියදුරන්ටත් එසේ බලපත්‍රය අහිමි වීම සිදු වේ.

මීට පෙර නීතිය අනුව එසැනින් දඩ අය කිරීම සිදු නොවුණු අතර බීමත් රියදුරන් උසාවියට ඉදිරිපත් කිරීම සිදු වුනි. වැඩි මත්පැන් ප්‍රමාන පාවිච්චි කල රියදුරන්ගේ බලපත්‍ර අහිමි වුවද , මාධ්‍ය හා සුළු ප්‍රමාන බාවිත කල රියදුරන්ට එසේ නොවුනි.

නමුත් මේ නව නීති අනුව සියලු මත්පැන් සුළුවෙන් හෝ පානය කල රියදුරන්ගේ බල පත්‍ර අහිමි වී යා හැකි.

 

පසුගිය වසරේ NSW හි බීමත්කම නිසා වූ මාර්ග අනතුරු වලින් 68 දනෙකු මිය ගොස් තිබේ.

විවිධ ප්‍රාන්ත වල මත්පැන් පානය කොට රිය පැදවීම පිළිබද නීති

NSW

සුළු ප්‍රමාණයක් alcohol පානය කලද එසැනින් රියදුරු බලපත්‍රය අහිමි වේ . දඩය ඩොලර් 561

බටහිර ඔස්ට්‍රේලියාව

රුදිර alcohol 0.05-0.08 ඇති රියදුරන් උසාවියට ඉදිරිපත් කෙරේ . ප්‍රථම දඩය ඩොලර් 400, demerit 3 ක් අහිමි වේ

වික්ටෝරියා

අප්‍රේල් මස සිට රුදිර alcohol 0.05ට අඩු විටදීත් බලපත්‍රය අහිමි වේ. අනිවාර්ය Behaviour Change Program සදහා සහභාගී විය යුතුයි

දකුණු ඔස්ට්‍රේලියාව

ප්‍රථම වතාවට හසු වුව හොත් demerit ලකුණු 4ක් අඩු වන්න අතර උසාවියට ඉදිරිපත් කොට දොඅල්ර් 1100 දඩයක් නියම විය හැකියි . මාස 3ක බලපත්‍ර අත්හිටුවීමක් විය හැකියි

ක්වීන්ස්ලන්තය

සියලු බීමත් රියදුරන් අධිකරණයට ඉදිරිපත් කරන අතර , මහේස්ත්‍රාත් විසින් දඬුවම් නියම කෙරේ. මාස 9ක් බලපත්‍රය අහෝසි වීම හා මාස 3ක සිර දඩුවම් පවා ලැබිය හැකියි

Northern Territory

සියලු බීමත් රියදුරන් අධිකරණයට ඉදිරිපත් කරන අතර , මහේස්ත්‍රාත් විසින් දඬුවම් නියම කෙරේ

ටස්මෙනියාව

මාස 3 සිට 36 දක්වා රියදුරු බලපත්‍ර අහිමි විය හැකියි. මාස 12ක සිර දඩුවම් පවා ලැබිය හැකියි

ACT

ප්‍රථම වතාවට ඩොලර් 2250ක දඩයක් හා මාස 9ක සිර දඩුවම් පවා ලැබිය හැකියි . එසේම රියදුරු බලපත්‍රය වසර 3ක් දක්වා අහිමි විය හැකියි

 source: Dailymail


2 min read

Published

Updated

By Charitha Adikari


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now