SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ ප්‍රජාතන්ත්‍රවාදයට බලපෑම් කරන බවට චීනයට, බ්‍රසීලයට සහ ජර්මනියට Pauline Hanson ගෙන් චෝදනා.

Senator Pauline Hanson, speaking in federal parliament
Senator Pauline Hanson, speaking in federal parliament Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියාවේ ප්‍රජාතන්ත්‍රවාදයට අනිසි ලෙස බලපෑම් කරන බවට One Nation පක්ෂයේ නායිකා Pauline Hanson, චීනයට, බ්‍රසීලයට සහ ජර්මනියට චෝදනා කරයි.

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිරිනැමීම සමබන්ධව ඇය යෝජනා කළ සමීක්ෂණය කඩා කප්පල් කිරීමට ඔවුන් තම රටවල පිරිස් වෙත උපදෙස් ලබා දී ඇතැයි පවසමින් Pauline Hanson මෙම චෝදනාව එල්ල කරයි.

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිරිනැමීම සඳහා යෝජිත ඉංග්‍රීසි පරීක්ෂණය මෙන්ම පුරවැසිභාවය ලබා ගැනීමට පෙර ඕස්ට්‍රේලියාව තුළ වසර 8 ක් බලා රැදී සිටීම වැනි යෝජනා පිළිබඳ පාර්ලිමේන්තුවට මහජන අදහස් ලබා ගැනීම සඳහා අන්තර්ජාලය ඔස්සේ සමීක්ෂණයක් සකස් කළ අතර විදේශීය වෙබ් අඩවි මගින් මෙම සමීක්ෂණය කඩාකප්පල් කිරීමට විදෙස් රටවල සිටින පුද්ගලයින්ව උනන්දු කර ඇතැයි Pauline Hanson චෝදනා කරයි.

මෙම සමීක්ෂණය සඳහා ඡන්දය භාවිතා කිරීමට විදේශීය පුරවැසියන් හට ඔස්ට්‍රේලියානු හා විදේශීය වෙබ් අඩවි අවස්ථාව ලබා දී ඇතැයි The Australian පුවත්පත වාර්තා කරයි.

මෙම සමීක්ෂණයේදී විදේශීය මත පිළිබඳ තමන් සැලකිල්ලක් නොදක්වන බව One Nation පක්ෂයේ නායිකා Pauline Hanson පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now