Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

නුවන් ජයතිලක විසින් නිර්මණය කල "සුළඟ අප රැගෙන යාවි" චිත්‍රපටය ඇමරිකාවේ Worldfest Houston සිනමා උළෙලේදී රෙමී සම්මානයට හිමිකම් කියයි...

The wind beneath us poster
Source: Nuwan Jayathilaka

ශ්‍රී ලංකික ස්වාධින සිනමා නිර්මානකරුවෙක් වන නුවන් ජයතිලක විසින් නිර්මණය කල "සුළඟ අප රැගෙන යාවි" (The wind beneath us ) චිත්‍රපටය, ඇමරිකා එක්සත්ජනපදයේ පැවති Worldfest Houston සිනමා උළෙලේදී රෙමී  සම්මානයට පාත්‍ර  වී තිබේ. නුවන් ජයතිලකගේ පළමු සිනමා නිර්මණය මෙය වන අතර, Worldfest Houston සිනමා උළෙල වැනි ප්‍රමුඛ පෙළේ  සිනමා උළෙලකදී මෙවන් සම්මානයක් හිමි වීම විශේෂ සිදු වීමක්.

ලොව දැනට ක්‍රියාත්මක සිනමා උළෙල අතරින් පැරණි සහ විශාලතම සිනමා උළෙලක් ලෙස මෙය හැදින්විය හැකි අතර, මෙවර සිනමා උළෙල සදහා රටවල් 38කට ආසන්න  සංඛ්‍යාවකින් නිර්මාණ 4500කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත්ව තිබු බව සදහන්. මෙවර Worldfest Houston සිනමා උළෙල සංවිධානය වී තිබුනේ 48 වැනි වරටයි.

ලෝක ප්‍රකට සිනමා කරුවන් වන  ස්ටීවන් ස්පිල්බර්ග්, ජෝර්ජ් ලූකස්, රිඩ්ලි ස්කොට් සහ ඩේවිඩ් ලින්ච් වැනි සිනමා කරුවන්ගේ නිර්මණ මුල් අවදියේදී ජනතාවට හදුන්වාදීමේ සහ ප්‍රචලිත කිරීමේ ගෞරවය  Worldfest Houston සිනමා උළෙලට හිමි වන බව සදහන්.

 "සුළඟ අප රැගෙන යාවි" ස්වාධීන සිනමා නිරම්නයක් වීමත් නුවන් ජයතිලකගේ පළමු සිනමා නිර්මණය වීමත් සිනමා උළෙල සංවිධායකයින්ගේ ඇගයීමට ලක් වූ කාරණා  බව සදහන්.

මීට පෙර 18 වැනි ලන්ඩන් ආසියානු සිනමා උළෙලේ අවසන් වටය සදහාද නුවන් ජයතිලකගේ "සුළඟ අප රැගෙන යාවි" සිනමා නිර්මාණය තේරී තිබුණු අතර, නෙදර්ලන්තයේ Cinekid ජාත්‍යන්තර සිනමා උළෙලේ තරගකාරී වටයටද තේරී තිබිණි.

The wind beneath us Director Nuwan Jayathilaka
The wind beneath us Director Nuwan Jayathilaka Source: Nuwan Jayathilaka

යුරෝපා සංගමය මගින් සංවිධානය කරන Diaspora Screening නම් වැඩසටහන යටතේ මෙම චිත්‍රපටය මිලානෝ නුවරදී තිරගත කිරීමටද මේ වනවිට ආරාධනා ලැබී ඇති බවත්, තවත් ජාත්‍යන්තර චිත්‍රපට උළෙල කීපයක් සදහා "සුළඟ අප රැගෙන යාවි"  චිත්‍රපටය යොමුකර ඇති බවත් අධ්‍යක්ෂක නුවන් ජයතිලක අප සමග මේ පිලිබදව අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

මෙම චිත්‍රපටය ශ්‍රී ලංකාව තුල බෙදාහැරීම සදහා අවශ්‍ය කටයුතු, එලඹෙන ජුලි මාසයේ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් නුවන් අප සමග සදහන් කළේය. මීට  අමතරව ශ්‍රී ලංකාවෙන් පිටත ශ්‍රී ලාංකිකයින් වැඩි වශයෙන් වෙසෙන රටවල් වන ඕස්ට්‍රේලියාව, කැනඩාව, එංගලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය වැනි රටවල මෙම චිත්‍රපටයේ දර්ශනවාර ඉදිරියේදී සංවිධානය කිරීමට කටයුතු කරන බව නුවන් පවසයි.

අයිරාංගනී සේරසිංහ, ප්‍රියංකර රත්නායක, සුදම් කටුකිතුලේ, ප්‍රවීන් කටුකිතුලේ ඇතුළු පිරිසක් රංගන දායකත්වය ලබාදෙන  "සුළඟ අප රැගෙන යාවි"  චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය චිත්‍රාල් සෝමපලගෙන් වන අතර සිනමාකරණ දායකත්වය ලබාදී තිබෙන්නේ ස්ට්‍රයිනර් මැක්ලේන් ඇඩම්ස් විසිනි. මෙම චිත්‍රපටය මායා නවගත්තේගමගේ නිෂ්පාදනයක්.


2 min read

Published

Updated

By Sanjaya Dissanayake


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now