Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

විචිත්‍රවත් සමාප්තියක් සමගින් රියෝ ඔලිම්පික් උළෙල නිමාවට පත්වෙයි :2020 ඔලිම්පික් උළෙල ජපානයේ ටෝකියෝ හිදී (SBS සිංහල/වාර්තා)

2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙල ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වීමට නියමිත අතර ඒසදහා, ඔලිම්පික් ධජය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපතිවරයා විසින් ටෝකියෝ නුවරට නිල වශයෙන් භාර දීමෙන් අනතුරුව, 2016 Rio ඔලිම්පික් උළෙල නිමාවට පත් කරන බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපතිවරයා විසින් නිල වශයෙන් නිවේදනය කළේය.

Closing ceremony of Rio 2016 Summer Olympic Games
Fireworks go off over the Maracana Stadium during the closing ceremony of the Rio 2016 Summer Olympic Games. Source: Getty Images

සති දෙකකට අධික කාලයක් බ්‍රසීලයේ රියෝ නුවරදී පැවති  2016 ඔලිම්පික් ක්‍රීඩා උළෙල නිමාවට පත් වුනේ Maracana ක්‍රීඩාංගනයේදී  පැවති  විචිත්‍රවත් සමාප්ති උත්සවයත් සමගින්.

ඔලිම්පික් උළෙලේ තරග පැවති  අවසන් දිනයේදී  ඕස්ට්‍රේලියානු ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු සුන් කරමින්, ලෝකඩ පදක්කම සදහා තරග වැදුණු ඕස්ට්‍රේලියානු පිරිමි පැසිපන්දු කණ්ඩායම ස්පාඤ්ඤ කණ්ඩායම හමුවේ 89 ට 88ක් ලෙස පරාජයට පත් විය. ඕස්ට්‍රේලියානු පැසිපන්දු කණ්ඩායම ඔලිම්පික් තරගාවලියේ අවසන් පුර්ව තරගයක් සදහා සුදුසුකම් ලැබූ සිව්වන  වතාව මෙය වන අතර තරගය නිමාවට පත් වීමට තත්පර පහකට පෙරත් තරගයේ පෙරමුණේ සිටි ඕස්ට්‍රේලියානු කණඩායම පරාජයට පත් කරමින් ලෝකඩ පදක්කම් හිමි කරගන්නට ස්පාඤ්ඤ පැසිපන්දු කණ්ඩායම සමත් විය.

මෙවර ඔලිම්පික් උළෙලේදී කණ්ඩායම් තරග ඉසව්වකදී පදක්කමක් හිමි කරගැනීමට සමත් වූ එකම ඕස්ට්‍රේලියානු කණ්ඩායම බවට පත් වුනේ කාන්තා  සත්සාමජික රග්බි කණ්ඩායමයි. ඔවුන් රන් පදක්කම සදහා පැවති  අවසන් තරගයේදී නවසීලන්තය පරාජයට පත් කරමින් ජයග්‍රහණය හිමි කරගන්නට සමත් විය.

මැරතන් තරගයේදී ශ්‍රී ලංකාවේ අනුරාධ ඉන්ද්‍රජිත්ට 34 වැනි තැන

පිරිමි මැරතන් ධාවන තරගය මෙවර ඔලිම්පික් තරගාවලියේද අවසන් තරග ඉසව්ව බවට පත් වූ අතර, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගයට එක වූ අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ තරගය නිමාවට පත් කලේ 34 වැනියා  ලෙසයි. 2016 Rio මැරතන් ධාවන ඉසව්වේ රන් පදක්කම කෙන්යාවේ Eliud Kipchoge විසින් හිමි කරගන්නට සමත් විය.

ඔලිම්පික් උළෙලේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ දස්කම් ගැන සෑහීමට පත්වන බව කණ්ඩායම් ප්‍රධානි Kitty Chiller පවසයි

මෙවර ඕස්ට්‍රේලියානු ඔලිම්පික් කණ්ඩායමේ දස්කම් පිලිබදව, විවිධ පාර්ශව වලින් චෝදනා සහ විවේචන එල්ල වූ අතර, ඒවාට පිළිතුරු ලබාදෙන ඕස්ට්‍රේලියානු කණ්ඩායම් ප්‍රධානී  Kitty Chiller පවසන්නේ, ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියයට සියයක් කැපවීමෙන් යුතුව තරගාවලියට සහභාගී වූ බවයි. ඕස්ට්‍රේලියාව  හිමිකරගත් පදක්කම් සංඛ්‍යාව සහ ඕස්ට්‍රේලියානු රජය ක්‍රීඩා  සදහා ලබාදෙන ප්‍රතිපාදන පිළිබද යම් යම් පිරිස් විශ්ලේෂණ ගෙන එන්නට උත්සහ කලත්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරගාවලිය තුල දැක්  වූ දස්කම් අගය කලයුතු බව Kitty Chiller වැඩි දුරටත් පවසයි. තවද පරාජයන් හිමි කරගන්නා  විට චෝදනා එල්ල කරන පිරිස් සමගින් තමන් එකග නොවන බවද ඇය  වැඩි දුරටත් පවසයි.

මීට  අමතරව කාන්තා  ඔරු  පැදීමේ single sculls ඉසව්වේදී ඕස්ට්‍රේලියාව  වෙනුවෙන් මෙවර ඔලිම්පික් උළෙලේ රන් පදක්කමක් හිමි කරගන්නට සමත් වූ Kim Brennan ද ප්‍රකාශ කලේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙවර ඔලිම්පික් උළෙලේදී තම උපරිම දස්කම් දැක්වූ බවත් ඔවුන්ගේ ක්‍රීඩාශීලිත්වය පිලිබදව සියලු දෙන සතුටු විය යුතු බවයි. Kim Brennan මීට  පෙර මෙම ඉසව්වේදී ලෝකඩ සහ රිදී පදක්කම් හිමි කරගෙන ඇති මෙවර රන් පදක්කම හිමි කරගැනීම සුවිශේෂී සිද්ධියක් බවට පත් විය. තවද සමාප්ති උළෙලේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ධජය රැගෙන යාමේ භාග්‍යද  ඇය  විසින් හිමි කරගත්තාය. Kim Brennan     වෘත්තියෙන් නීතිඥ වරියක් වන අතර, වෛද්‍යවරයෙක්  වන ඇයගේ  සැමියා මීට  පෙර බිජිං ඔලිම්පික් උළෙලේ පිරිමි ඔරු පැදීමේ double sculls ඉසව්වෙන් රන් පදක්කම් හිමි කරගෙන තිබීම සුවිශේෂී සිද්ධියක්.

රන් පදක්කම් 46ක් සමගින් ඇමරිකා එක්සත් ජනපදයට පදක්කම් සටහනේ ප්‍රථම ස්ථානය

රන් පදක්කම් 46ක් සමගින් ඇමරිකා එක්සත් ජනපදයට පදක්කම් සටහනේ ප්‍රථම ස්ථානය හිමි වූ අතර රන් පදක්කම 27ක් හිමි කරගත් බ්‍රිතාන්‍යට දෙවැනි තැනත් , රන් පදක්කම් 26 ක් හිමි කරගත් චිනයට තෙවැනි තැනත් හිමි විය. රන් පදක්කම 8ක් සමගින් ඕස්ට්‍රේලියාවට  පදක්කම් සටහනේ හිමි වුයේ 10 වැනි ස්ථානයයි.

පාපන්දු රන් පදක්කම බ්‍රසීලයට

මෙවර ඔලිම්පික් උළෙලේ පාපන්දු රන් පදක්කම ජර්මනිය පරාජයට පත් කරමින් හිමි කරගන්නට සත්කාරක බ්‍රසීලය සමත් වූ අතර, එම ජයග්‍රහණය බ්‍රසීලයට රන් පදක්කමෙන් ඔබ්බට ගිය සුවිශේෂී ජයග්‍රහණයක් බවට පත් විය.

උසේන් බෝල්ට්ගෙන් සහ මයිකල් පෙල්ප්ස්ගෙන් සුපිරි දක්ෂතා

සුපිරි ෆිනුම් ක්‍රීඩක මයිකල් පෙල්ප්ස්ගේ අවසන් ඔලිම්පික් තරගාවලිය, Rio  ඔලිම්පික් තරගාවලිය වූ අතර රන් පදක්කම් 5ක් මෙම තරගාවලියේදී ජයගනිමින් තම ඔලිම්පික් ක්‍රීඩක දිවියට රන් පදක්කම් 23ක් හිමි කරගන්නට ඔහ්ගු සමත් විය.

සුපිරි ජැමෙයිකානු ධාවන ශුර උසේන් බෝල්ට්ගේද අවසන් ඔලිම්පික් තරගාවලිය මෙය වූ අතර, ඔහු සහභාගී වූ ඉසව්වන් තුනෙන්ම රන් පදක්කම් හිමි කරගන්නට ඔහු සමත් විය. මීටර 100, 200 සහ 4x 100 ඉසව්වන්ගෙන් රන් පදක්කම හිමි කරග්ගනට බෝල්ට් සමත් වූ අතර, 2008, 2012, 2016 ඔලිම්පික් තරගාවලි තුනේදීම පිට පිට මෙම ඉසව්වන්ගේ රන් පදක්කම් ජයගත් ප්‍රථම ක්‍රීඩකයා  බවට ඔහු පත් විය.

2020 ඔලිම්පික් සත්කාරකත්වය ජපානයේ ටෝකියෝ නුවරට

2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙල ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වීමට නියමිත අතර ඒසදහා, ඔලිම්පික් ධජය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපතිවරයා විසින් ටෝකියෝ නුවරට නිල වශයෙන් භාර දීමෙන් අනතුරුව, 2016 Rio  ඔලිම්පික් උළෙල නිමාවට පත් කරන බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපතිවරයා විසින් නිල වශයෙන් නිවේදනය කළේය.


4 min read

Published

Updated

By Sanjaya Dissanayake


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now