SKIP TO MAIN CONTENT

කම්කරු රජයක් යටතේ මීට වඩා බදු සහන ලබා දෙන බවට ඕස්ට්‍රේලියානු විපක්ෂ නායක Bill Shorten පවසයි

Bill Shorten
Source: AAP

2 min read

Published

Updated

By Charitha Adikari

Source: SBS News



Skip to article content

පසුගිය 8 වැනිදා ඕස්ට්‍රේලියානු රජය ඉදිරිපත් කල අය වැය පිළිතුරු කතාව ඉදිරිපත් කරමින් විපක්ෂ නායක Bill Shorten ප්‍රකාශ කලේ මීට වඩා වැඩි බදු සහනයක් කම්කරු රජයක් යටතේ ලබා දෙන බවයි.

ඔහු පවසා ඇත්තේ සන්ධාන රජය ලබා දී ඇති සහන වලට වඩා දෙගුණයක් බදු සහන ලබා දෙන බවයි. මෙවර අයවැයෙන් සන්ධාන රජය ලබා දී ඇත්තේ වසරකට ඩොලර් 90000ක් ට වඩා අඩු වැටුපක් ලබන පුද්ගලයන්ට ඩොලර් 530ක සහනයක් ලබා දෙන බවයි.

පාර්ලිමේන්තුවේදී Bill Shorten මහතා ප්‍රකාශ කර ඇත්තේ කම්කරු රජයක් යටතේ ඕස්ට්‍රේලියානුවන් මිලියන 10 කට පමණ වඩා සාධාරණ බදු සහන ලබා දෙන බවයි .උදාහරණයක් ලෙස කම්කරු රජයේ ප්‍රථම අයවැයෙන් වසරකට ඩොලර් 65000ක වැටුපක් ලබන ගුරුවරයෙකුට ඩොලර් 2780ක වාසියක් එනම් වසරකට ඩොලර් 928ක ඉතිරියක් ලැබෙන බවට කම්කරු පක්ෂය පවසයි . එසේම වසරකට යුවලක් අතරින් එක අයෙක් ඩොලර් 90000ක් හා අනෙක් සහකරු ඩොලර් 50000ක් උපයන්නේ නම් ඩොලර් 5564ක් හෙවත් වාර්ෂික ඩොලර් 1855ක ඉතුරුවක් ලැබෙන බවත් සදහන්

එසේම රෝහල් සදහා ඩොලර් බිලියන 2.8ක ප්‍රතිපාදනත් පාසල් සදහා ඩොලර් බිලියන 17කුත් විශ්ව විද්‍යාල අවස්ථා 200000කුත් TAFE සිසුන්ගේ මුලික ගෙවීම් ඉවත් කිරීමටද පොරොන්දු වී තිබේ

මේ අතර ද්විත්ව පුරවැසි භාවය නිසා සාමාජිකයන්ගේ තනතුරු අහිමි වීමත් සමග මීලග මැතිවරණයට නියෝජිතයන් සුදානම් කරමින් සිටින බවද වාර්තා වේ

මෙම යෝජනා නිවෙසින් නිවෙසට ගෙන යන බවද කම්කරු පක්ෂය පවසා ඇත . නමුත් රජයේ මුල්‍ය අමාත්‍ය Mathias Cormann පවසා ඇත්තේ කම්කරු පක්ෂය වසර 1989 සිට පුදුමයක් ඇති කරන දෙයක් නොකළ බවයි 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now