SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ ගිනි අවි නීති ලිහිල් කිරීමට පොරොන්දු වෙමින් One Nation පක්ෂය ඇමෙරිකාවේ ජාතික රයිෆල් සංගමයෙන් මුල්‍යාධාර ඉල්ලූ රහසිගත වීඩියෝවක් නිකුත් වෙයි.

One Nation staffer filmed seeking millions from NRA in bid to soften gun laws
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියාවේ One Nation පක්ෂයේ සාමාජිකයින් කිහිප දෙනෙකු ඇමෙරිකාවේ ජාතික රයිෆල් සංගමයෙන් තම පක්ෂයට මුල්‍යාධාර ඉල්ලමින් පැවැත්වුණු රහස්‍ය සාකච්ඡාවක් පිළිබඳ තොරතුරු වාර්තා වේ.

One Nation පක්ෂයේ නායිකාව වන Pauline Hanson ගේ සේවක ප්‍රධානී James Ashby සහ පක්ෂයේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත නායක  Steve Dickson මෙලෙස ඇමෙරිකාවේ ජාතික රයිෆල් සංගමය සමග තම පක්ෂයට මුල්‍යාධාර  ගැනීම සඳහා පසුගිය සැප්තැම්බර් මාසයේ Washington නුවරදී රහසිගත ලෙස සාකච්ඡා පවත්වා තිබේ.

මේ සම්බන්ධ වීඩියෝවක් ලෝක ප්‍රකට Al Jazeera රූපවාහිනී නාලිකාව ඔස්සේ ඊයේ (25/03) රාත්‍රියේදී විකාශය කෙරුණි.

තම පක්ෂයට මුල්‍යාධාර ලබා දුනහොත් ගිනි අවි සම්බන්ධ ඔස්ට්‍රේලියාවේ නීති ලිහිල් කිරීමට One Nation පක්ෂයේ පූර්ණ සහය හිමිවන බව එම රහස් සාකච්ඡා වලදී One Nation පක්ෂයේ නායිකාව වන Pauline Hanson ගේ සේවක ප්‍රධානී James Ashby පවසා ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now