Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔබ දන්නා කිසිවෙකු හෝ ගෘහස්ත හිංසනයට ලක් වේ නම් ඔබට කල හැකි දේ මොනවාද? SBS සිංහල Settlement Guide වෙතින්.

violence

Source: Getty

අපි බොහෝ දෙනෙක් ගෘහස්ත හිංසනය ලෙස ශාරීරික හිංසනය ලෙස පමණක් සලකනවා. නමුත් එය එසේ නොවේ, එය මානසික හෝ මුල්‍යමය වශයෙන්ද විය හැකියි. බොහෝ සංක්‍රමණික පසුබිමකින් පැමිණෙන කාන්තාවන් තම සහකරුගෙන් යැපෙන නිසා යන්නට තැනක් නොමැතිව එවන් සිදුවීම් වාර්තා නොකර සිටිනවා . සමහර කාන්තාවන්ට වීසා ගැටළු හා දරුවන් රැගෙන යාමට නොහැකි වී තිබෙනවා.

Call for help
Source: Dave Thompson/PA Wire

සහය හා උපදෙස් ලබා ගැනීම

විවිද ආයතන මගින් උපදෙස් ලබා දෙනවා. 1800RESPECT දුරකථන අංකයෙන් ඔබට සහය ලබා ගත හැකියි. එය පය 24ම ක්‍රියාත්මක අතර ඔබේ භාෂාවෙන් කතා කිරීමට අවශ්‍ය නම් 131450 අංකය අමතන්න. ඔබේ පවුලේ වෙඉද්යවරයා හෝ පොලීසියද ඔබට ඇමතිය හැකියි . Intouch යනු එසේ උපකාර කරන ආයතනයක් . 1800 755 988 යන අංකයෙන් ඔවුන් අමතන්න. ප්‍රාන්ත වල විවිද සේවා තිබේ

ඔබ හදිසි අවස්තාවකදී උදව් ලබා ගන්නේ කෙසේද?

ඔබ 000 අංකය අමතන්න . එවන් අවස්තාවකදී ක්‍රියා කිරීමට පොලීසිය පුහුණු වී තිබේ. පොලීස් ආධාර පැතීමට බිය නොවන්න.

Child covering her ears
Source: CC0 Creative Commons

ඔබට කළ හැක්කේ කුමක්ද ?

ඔබ දන්නා අයෙකු එවන් සිදුවීම් වලට මුහුණ දේ නම් ඔවුන්ව ඒ උපකාර ලබා දෙන ආයතන කරා යොමු කරන්න

ප්‍රජා නායකයන් ගේ මෙහෙය

ප්‍රජාවන් තුලින්ම මෙවන් හැසිරීම් රටා උනන්දු නොකිරීමට වග බලා ගැනීම වැදගත් . AMES Australia ආයතනය විසින් ඒ සදහා පාටමාලා ද පවත්වනවා

පහත වෙබ් අඩවි තුලින් වැඩි තොරතුරු දැන ගන්න

1800 Respect

inTouch

Safe Steps

AMES Australia

White Ribbon Australia

White Ribbon Australia Translated Facts Sheets

White Ribbon Australia Diversity Workshops

Our Watch


1 min read

Published

Updated

By Charitha Adikari, Ildiko Dauba



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now