ඕස්ට්‍රේලියාවේ ගෑස් මිල තවත් ඉහලට නැංවීමට බලශක්ති සමාගම් කටයුතු කරන බවට ACCC ආයතනයෙන් හෙළිදරව්වක් ..(SBS සිංහල / වාර්තා)

h

Source: ABC Australia

ඔස්ට්‍රේලියාව තුල ගෑස් ඉල්ලුම අඩු වුවත් තවමත් සමාගම් ගෑස් මිල තව දුරටත් ඉහල යමින් පවතියි. එසේම මෙහිදී එම ආයතන ලබා ගන්න ලාබයද වැඩි වී තිබේ. වෙනත් ගෑස් අපනයන කරන රටවල් හා සැසදු විට ඕස්ට්‍රේලියාවේ ගෑස් මිල ඉහල ගොස් ඇති බව හෙළිව තිබේ .

ACCC ආයතනය පවසන්නේ නැගෙනහිර ඕස්ට්‍රේලියාවේ ගෑස් නිපයුමත්, නිවෙස් වල ගෑස් භාවිතය අඩු වීමත් නිසා ක්වීන්ස්ලන්තය වැනි ප්‍රාන්ත වල වසර 2020 වන තුරු අඩු මිලට ගැස් සැපයීමට හැකි වුවත් , දකුණු පස ප්‍රාන්ත වලට ගෑස් මිල වැඩි වීමකට  මුහුණ දීමට සිදු වනු ඇති බවයි . 

ගෑස් රට තුල විකිණීම හා එය අපනයන කිරීමට යන වියදම අතර ඩොලර් 10/GJ වීම නිසා බොහෝ ව්‍යාපාර එම මිල ගෙවීමට උත්සුක වුවා.

sc
Source: accc

ACCC ආයතනය පසුගිය වසර 5 තුල නිරීක්සනය කර ඇති පරිදි ප්‍රධාන සැපයුම් කරුවන් වන Origin , AGL හා EnergyAustralia යන ආයතන වල ව්‍යාපාර සදහා ගෑස් සැපයීම තුලින් ලැබී ඇති ලාබය වැඩි වී ඇත . ඒ වසර 2017 හා 2018 වල ඔවුන්ගේ වියදම් අඩු වීමක් වාර්තා වී ඇති නිසා

ඉල්ලුමට වඩා සැපයුම

වාර්තා වන අන්දමට අපනයය සදහා ගෑස් නිපදවීම දැන් ඉල්ලුමට වඩා ඉහල ගොස් තිබේ. ඒ නිසා එම අමතර ගැස් ප්‍රමාණය රට තුල ඉල්ලුම් ඉහල ගිය හොත් පියවා ගැනීමට යොදා ගත හැකි වේ. නමුත් කෙටි කාලයක් තුල එම ගෑස් විකිණීමට  සිදු වුව හොත් ගැනුම් කරුවන් නොමැති වීමටත් ඉඩ තිබේ . පහත දැක්වෙන්නේ එම ඉල්ලුම් හා සැපයුම් පිළිබද තොරතුරු

sc
Source: accc

කෙසේ වෙතත් ඔස්ට්‍රේලියාව ඔවුන් ගෑස් අපනයනය කරන ආසියානු රටවල් වලට වඩා අඩු මිලක් ඕස්ට්‍රේලියානුවන් ගෑස් සදහා ගෙවන බව හෙළිවී තිබෙනවා.

විශේෂයෙන්ම ව්යාපාර විසින් ගෙවන මිල, දකුණු කොරියාව හා චීනය වැනි රට වලට  වඩා අඩු බවත් ඇමෙරිකාව හා කැනඩාව වැනි රටවලට වැඩ වැඩි බවත් ACCC ආයතනය පවසනවා. 

Source; ABC

sc
Source: SBS


2 min read

Published

Updated

By Charitha Adikari


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now