SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකාවට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 359 සිට 253 දක්වා පහත බසී.

Sri Lanka attacks
Source: Daily News

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 359 ක් නොව ආසන්න වශයෙන් 253 ක් බව ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

290 කට ආසන්න පිරිසක් මියයන්නට ඇති බවට සෞඛ්‍ය අංශ ප්‍රථමයෙන් ඇස්තමේන්තු කර තිබුණද මියගොස් ඇත්තේ 253 කට ආසන්න පිරිසක් බව මේ වන විට තහවුරු වී ඇතැයි ද අනිල් ජාසිංහ නිකුත් කළ එම නිවේදනයේ දැක්වේ.

මෙවැනි බෝම්බ පිපිරීම් වලදී මියයන ඇතැමුන්ගේ ශරීර විශාල වශයෙන් හානියට ලක්වන අතර ඇතැම් සිරුරු විනාශ වීමටත් කොටස්වලට කැඩී සම්පූර්ණ සිරුරු වශයෙන් හදුනාගත නොහැකි තත්ත්වයටත් පත්වන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මේ අනුව මරණ සංඛ්‍යාව නිශ්චිත වශයෙන් ගණනය කිරීමේ අසීරුතාවයක් පවතින බැවින් මරණ සංඛ්‍යාව සෑම දිනකම ප්‍රකාශයට පත් කෙරුනේ ආසන්න අගයක් ලෙස බවද වෛද්‍ය අනිල් ජාසිංහ මහතා එම නිවේදනයේ තවදුරටත් සඳහන් කර තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now