SKIP TO MAIN CONTENT

අද තරඟය තීරණාත්මකයි. ශ්‍රී ලංකා කණ්ඩායම පිට පිටම තුන් වන වරටත් 20යි 20 තරඟාවලියක් ජයගත් කණ්ඩායමක් බවට පත්වෙයිද ?

අද තරඟය තීරණාත්මකයි. ශ්‍රී ලංකා කණ්ඩායම පිට පිටම තුන් වන වරටත් 20යි 20 ත්රන්ගාවලියක් ජයගත් කණ්ඩායමක් බවට පත්වෙයිද ?

Sri Lankan batsman Kusal Perera plays a shot during the first Twenty20 cricket match
between Bangladesh and Sri Lanka. Source: crickinfo

2 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: ICC Cricket


Skip to article content

ශ්‍රී ලංකා බංග්ලාදේශ දෙවන 20යි 20 තරඟය අද (6/04)ආරම්භ වීමට නියමිතයි. බංග්ලාදේශය සමඟ පැවති පළමු තරඟය ජය ගැනීමෙන් ඉහළ මානසික මට්‌ටමට පැමිණ සිටින ශ්‍රී ලංකා පිල කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙන දෙවැනි ජයග්‍රහණයද බලාපොරෝත්තුවෙන් සිටි.  එසේ වුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායම පිට පිටම තුන් වන වරටත් 20යි 20 ත්රන්ගාවලියක් ජයගත් කණ්ඩායමක් බවට පත්වෙයි.  මිට පෙර දකුණු අප්‍රිකාවට සහ ඔස්ට්‍රේලියාවට එරෙහිව තරඟ 2-1 ක් ලෙසින්  විස්‌සයි විස්‌ස තරගාවලි දෙකක ජයග්‍රහණ පිට පිටම ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව සිටි.

පෙරේදා (4/04)ලද ජයත් සමඟ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර විස්‌සයි විස්‌ස ශ්‍රේණියේ ප්‍රසාද ලකුණු දෙකක්‌ එකතුකර ගනිමින් සිය ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 101 දක්‌වා ඉහළ දමා ගැනීමට සමත් විය. මීට වසර දෙකකට පෙර විස්‌සයි විස්‌ස ශ්‍රේණියේ පළමු තැන සිටි ශ්‍රී ලංකාව වර්තමානයේ අටවැනි තැන දක්‌වා පහත බස තිබේ.  කෙසේ වෙතත් ලබන වසරේ විස්‌සයි විස්‌ස ලෝක කුසලානය වෙනුවෙන්  ශ්‍රේණිගත කිරීමේ ඉහලට යාමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරියේදී පැවැත්වෙන සියලුම 20යි 20 තරංග ජයග්‍රහණය කිරීමට සිදුවනු ඇත.

කුසල් ජනිත් පෙරේරා ගෙන් වාර්තාවක්...

මේ අතර පසුගිය 20යි 20 තරඟයේදී විශිෂ්ඨ පිති හරඹයක යෙදුනු කුසල් ජනිත් පෙරේරා එහිදී සිය දෙවැනි ඉහළම විස්‌සයි විස්‌ස ලකුණු සංඛ්‍යාව ලබාගැනීමට සමත් වුයේය. එහිදී ඔහු පන්දු 53 කදී හතරේ පහර නවයක්‌ සහ හයේ පහරක්‌ සමඟ ලකුණු 77 ක්‌ ලැබීය. ඒ අනුව විස්‌සයි විස්‌ස ජාත්‍යන්තර පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල ප්‍රසාද ලකුණු 464 ක්‌ ලබා 48 වැනි තැනට පත්වීමට කුසල් ජනිත් පෙරේරාට හැකිවිය. ශ්‍රී ලංකා පිතිකරුවකු මෙම ශ්‍රේණිගත කිරීමට අනුව මේ වන විට ලද ඉහළම ස්‌ථානයද  මෙය ලෙසට වාර්තා වේ.  මේ වන විට ඔහුට පිටුපසින් සිටින එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ඇන්ජලෝ මැතිව්ස්‌ වන අතර ඔහු 59 වැනි තැනට ශ්‍රේණිගතව සිටියි.

තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7 ට එනම් ඕස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන්  රාත්‍රී 11.30ට ආරම්භ වීමට නියමිතයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now