SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානුවන්ගේ දත්ත වංචාව පිළිබඳ කරුණු විමසන්න Facebook ප්‍රධානියාව ඔස්ට්‍රේලියාවට ගෙන්වීමට අගමැති ටර්න්බුල්ගේ සහය.

Facebook AUS Data Breach
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

Facebook භාවිතා කරන ඔස්ට්‍රේලියානුවන්ගේ දත්ත චීනසමාගමක් අතට පත්වීම සම්බන්ධයෙන් Facebook ආයතනයේ ප්‍රධාන විධායක Mark Zuckerberg මෙරටට ගෙන්වා කරුණු විමසීමට තමන්  සහය දක්වන බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් පවසයි.

චීනයේ මහාපරිමාණ තාක්ෂණික ආයතනයක් වන Huawei සමාගම මෙලෙස ඔස්ට්‍රේලියාවේ Facebook භාවිතාකරන්නන්හේ පුද්ගලික දත්ත භාවිත කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

මේ සිද්ධිය සමබන්ධව මාර්ක් සකර්බර්ග් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ප්‍රශ්න කලයුතු බවට ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් මෙන්ම බුද්ධි අංශ ද රජයෙන් ඉල්ලා සිටියෝය.

මෙම ආන්දෝලනාත්මක ක්‍රියාව පිළිබඳ පාර්ලිමේන්තු කමිටුවක් හමුවේ මාර්ක් සකර්බර්ග් ගෙන් විමසීමට තමන් සහය දෙන බව අගමැති ටර්න්බුල් පැවසුවේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now