SKIP TO MAIN CONTENT

අභාවප්‍රාප්ත ඔස්ට්‍රේලියාවේ හිටපු නියෝජ්‍ය අග්‍රාමත්‍ය Tim Fischer මහතා අද අවසන් ගමන් යයි.

Australia prepares to farewell former deputy PM Tim Fischer
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

අභාවප්‍රාප්ත ඔස්ට්‍රේලියාවේ හිටපු නියෝජ්‍ය අග්‍රාමත්‍ය Tim Fischer මහතා ගේ අවමංගල්‍ය කටයුතු අදට (29/08) යෙදී තිබේ.

රාජ්‍ය ගෞරව සහිතව සිදු කෙරෙන මෙම අවමංගල්‍ය උත්සවය නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ දකුණු දිග කලාපයේ Albury නගරයේදී සිදු කිරීමට නියමිතය.

ඔස්ට්‍රේලියාවේ හිටපු අගමැති John Howard, වත්මන් අගමැති Scott Morrison, විපක්ෂ නායක Anthony Albanese සහ නැෂනල්ස් පක්ෂයේ හිටපු සහ වත්මන් නායකයින් අද දින පැවැත්වෙන මෙම අවමංගල්‍ය උත්සවය සඳහා අද දිනයේදී සහභාගී වීමට අපේක්ෂිතය.

ලියුකේමියා රෝගී තත්ත්වයෙන් පීඩා විඳිමින් සිටි Tim Fischer මහතා මිය යන විට 73 වන වියෙහි පසුවිය.

ඔස්ට්‍රේලියාවේ දස වන නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වුණු මෙතුමා 1996 සිට 1999 දක්වා හිටපු අගමැති John Howard යටතේ එම ධුරයේ කටයුතු කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now