SKIP TO MAIN CONTENT

ක්වීන්ස්ලන්ත දුම්රිය රියදුරෙකුගේ වැටුප ඩොලර් 200,000 යි.

Huge overtime bills for Qld train drivers.
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

පසුගිය වසරේදී ක්වීන්ස්ලන්තයේ ඉහළම වැටුප ලැබූ දුම්රිය රියදුරාගේ වාර්ෂික වැටුප ඔස්ට්‍රේලියානු ඩොලර් 200,000 ක් පමණ  වන බවත් ඔහු මාස 6 ක ට සමාන කාලයක් අතිකාල සේවයේ යෙදී ඇති බවත් වාර්තා වේ.

Queensland Rail හෙවත්  QR හි දුම්රිය රියදුරන්ගේ හිඟයක් පවතින බවත් එනිසාම දැනට සේවය කරන රියදුරන් විශාල වශයෙන් අතිකාල සේවයේ යෙදෙන බවත් සඳහන්.

මේ හේතුවෙන් අදාළ රියදුරන් 2016/17 වසර තුළ පැය සිය ගණනක අතිකාල සේවා මුර සිදු කළ බව වාර්තා වේ.

තමන්ගේ සාමාන්‍ය සේවා මුර වලට අමතරව ඊට සමාන පැය ගණනක් ඇති සති 20 ක පමණ කාලයක් ඇතැම් දෙනා අතිකාල සේවා වශයෙන් සේවය කර ඇති බවද අනාවරණය වී තිබේ.

Queensland Rail  හි ඉහළම වැටුප් ලබා ගත රියදුරන් 5 දෙනා තමන්ගේ නියමිත වැටුපට වඩා $53,200 ත් $75,900 අතර වැටුපක් අමතරව ලබා තිබෙන අතර සාමාන්‍ය දුම්රිය රියදුරෙකු තම නියමිත වැටුපට වඩා සතියකට අමතර ඩොලර් 511 ක් උපයා ඇති බවද වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now