SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකම උෂ්ණත්වය සෙල්සියස් 40 ඉක්මවයි. වික්ටෝරියා 46 ට.

Heatwave in Australia
Heatwave in Australia Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියාවේ කලාප කිහිපයකම උෂ්ණත්වය අද (04/01) දිනයේදී සෙල්සියස් අංශක 40 ඉක්මවා යන බව වාර්තා වේ.

එහිදී වික්ටෝරියා ප්‍රාන්තයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 46 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ අතර දකුණු ඔස්ට්‍රේලියාව සශ ටස්මේනියාව යන ප්‍රාන්ත වලද අද දිනයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා යන බව වාර්තා වේ.

අද දිනයේදී වික්ටෝරියානු ප්‍රාන්තයට බලපාන අධික උෂ්ණත්වය හේතුවෙන් ප්‍රාන්තය පුරාවටම total fire ban තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

එමෙන්ම වික්ටෝරියානු ප්‍රාන්තයේ ගිනි අවදානම් තත්ත්වය 'Extreme' සහ 'Severe' ඛාණ්ඩ ලෙස වර්ගකර තිබේ.

මේ හේතුවෙන් අධික උෂ්ණත්වය සඳහා මුහුණ දීමට ඉතා හොඳින් සූදානම් වන ලෙස වික්ටෝරියානු ප්‍රාන්ත හදිසි සේවා කළමනාකරණ කොමසාරිස් Andrew Crisp ප්‍රාන්ත වාසීන්ට දැනුම් දෙයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now