SKIP TO MAIN CONTENT

නාමල් රාජපක්ෂ ගුවන් යානයට නංවා ගැනීමට අවසර දෙන්න බැහැ : Emirates ගුවන් සේවයෙන් තහංචි

Namal Rajapaksa denied entry to US from Moscow
Source: Ada Derana

1 min read

Published

Updated

By Madhura Seneviratne


Skip to article content

පසුගිය සති අන්තයේ රුසියාවේ පැවති ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීමට එහි සංචාරයක නිරතවූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මොස්කව් නුවර සිට ඇමෙරිකාවේ හූස්ටන් වෙත යාමට උත්සාහ කළ අවස්ථාවේ ඇමෙරිකන් බලධාරීන් ඊට අවසර නොදුන් බව ඔහුගේ ට්විටර් ගිණුමේ ප්‍රකාශයට පත් කර තිබේ.

 

එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින්, මොස්කව් සිට ඇමෙරිකාවේ හූස්ටන් බලා පිටත්ව යෑමට සූදානමින් සිටියදී එම ගුවන් යානයට  ඇතුළුවීමට ඉඩ දිය නොහැකි බව එමිරේට්ස්  ගුවන් සේවයේ නිලධාරීන් ඔහුට ප්‍රකාශ කර ඇති අතර ඇමෙරිකානු බලධාරීන් තම ආයතනයට ඒ පිළිබඳ දැනුම් දුන් බවද සඳහන් කර තිබේ.

කෙසේවෙතත්, මෙයට හේතුව තවමත් තමන්ට දැන ගැනීමට නොහැකි වූ බවත් එවැනි තීරණයක් ගැනීමේ පරම අයිතිය ඇමෙරිකාවට ඇති බවත් ඔහු තම ට්විටර් සටහනේ වැඩි දුරටත් දක්වා තිබුණි.

Namal Rajapaksa denied entry to US from Moscow
Namal's Twitter message. Source: Twitter


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now