ඕස්ට්‍රේලියාවේ ඔබේ ණය ලබා ගැනීමේ හැකියාව හෙවත් credit score එක සකස් කරන ක්‍රමවේදයේ වෙනසක් .(SBS සිංහල/ වාර්තා).

c

Source: Supplied

මීට පෙර නොවූ ලෙස ඔබේ ණය ලබාගැනීමේ ඉතිහාසය පිළිබද වැඩිපුර දත්ත ලබා ගත හැකි පරිදි credit score එක ලබා දෙන අයුරු වෙනස් කිරීම සිදු වන බවට වාර්තා වේ.

comprehensive credit reporting (CCR) යනු කුමක්ද ?

comprehensive credit reporting (CCR) යනුවෙන් හැඳින්වෙන මෙම ණය වාර්තා ක්‍රමය යනු ණය දෙන ආයතන වලට ඔබේ ණය ගෙවීමේ ඉතිහාසය බලා ගැනීමට හැකි ක්‍රම වේදයක් වේ. මීට පෙර එමගින් ඔබට ගෙවීම් අතපසුවීම්, බංකොලොත් වීම් හා නීතිමය ක්‍රියා මාර්ග පමණක් මෙමගින් ඉදිරිපත් වී තිබුණු අතර වසර 2014 සිට එහි ඔබගේ ධනාත්මක තොරතුරු හෙවත් ඔබට නිවාස නායක ඇත්ද , වසර 2ක් පුරා ඔබේ නිවාස නය ගෙවීම් ආදියද ඇතුලත් කොට තිබේ.

වසර 2014 මෙය ආරම්භ වුවත් ප්‍රධාන ඕස්ට්‍රේලියානු බැංකු 4 දැන් ඔවුන්ගේ නිවාස නය දත්ත සියල්ල දැන් මෙම CCR දත්ත ගබඩාව වෙත ඉදිරිපත් කොට තිබේ. ඒ අනුව දැනට 80%ක් පමණ ඕස්ට්‍රේලියානු නිවාස නය වාර්තා මෙහි තිබේ

මේ අතර credit card පත් පිලිබදව සැලකීමේදී 60%ක් හෙවත් මිලියන 15 කාඩ් පත් මෙහි අඩංගු වේ

c
Source: ABC Australia

මෙය ඔබට බලපාන්නේ කෙසේද ?

මෙමගින් ඔබේ credit rating අගය වෙනස් විය හැකියි. උදාහරණයක් ලෙස මීට වසර 4කට පෙර ඔබේ credit card ගෙවීම් අතපසුවී ඉන්පසුව ඔබ නියමිත පරිදි ගෙවීම් කළහොත් ඔබේ rating අගය ඉහල යා හැකියි. ඔබට ඔබ පමා වී ගෙවීම් කරන credit card පත් කිහිපයක් ඇත්නම් ඔබේ අගය පහල යා හැකියි

එසේම මෙමගින් බැංකු වලටත් වඩා වගකීමක් සහිතව ණය ලබා දීමට අවස්තාව ලැබේ. නමුත් සමහර පාරිභෝගික සංවිධාන පවසන්නේ මෙමගින් සමහර මුල්‍ය ගැටළු සහිත පුදගලයන්ට ණය ලබා ගත නොහැකිව අසරණ තත්වයට පත් විය හැකි බවයි. විශේෂයෙන්ම ගෙවීම් කිරීමට අපහසු වී ඒ සදහා payment plan ලබා ගන්න පුද්ගලයන්ද ප්‍රමාධ වී ගෙවීම් කරන ලෙසට මෙම පද්ධතියේ සදහන්  වේ

ඔබේ rating එක වැඩි කිරීමට කල හැකි දේ

CreditSmart.org.au  පවසන්නේ ඔබේ නැවත ගෙවීම් නිවැරදි කාලයට අනුව ගෙවීමෙන් rating එක ඉහල දැමිය හැකි බවයි. එසේම CCR මගින් පෙන්වන්නේ ඔබේ ණය සීමාව පමණයි. ඔබට ඇති ණය ප්‍රමාණය නොවේ. එනම් ඔබට ඩොලර් 5000 credit card 5ක් ඇති නම් ඔබට ගෙවීමට ඇත්තේ ඩොලර් 3000 වුවත් ඔබේ ණය ඩොලර් 25000 ලෙස දැක්වේ 

ඒ නිසා අනවශ්‍ය credit card පත් ඉවත් කිරීම වැදගත්

ඔබේ credit rating එක කෙතරම් වැදගත්ද ?

ඔබ ණයක් ගැනීමට ඉල්ලුම් කිරීමේදී බැංකු විසින් මෙය පරික්සා බලයි. නමුත් ඔවුන් ඔබේ rating එකට වඩා මුළු වාර්තාවම සලකා බලයි. නීතියෙන් ප්‍රධාන බැංකු විසින් මෙම දත්ත හෙළි කල යුතු නිසා එය වැලක්වීමට ඔබට නොහැකියි. නමුත් ඔබේ වාර්තා නිවැරදිදැයි පරීක්ෂා කර බලන්න. ඔබට අතපසුවූ ගෙවීමක් වාර්තාවට අයත් නොවී සිදු කිරීමට දින 15ක කාලයක් CCR මගින් ලබා දේ 

Source: ABC


2 min read

Published

Updated

By Charitha Adikari


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now