SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ බැංකු සහ මුල්‍ය ආයතන හොරකම් හොයන්න Pauline Hanson ගෙන් තවත් ඉල්ලීමක්.

Pauline Hanson is calling for the banking Royal Commission to be extended.
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියාවේ බැංකු හා මුල්‍ය ක්ෂේත්‍රය පිළිබඳ විමර්ශනය කෙරෙන රාජකීය බැංකු කොමිසමේ කාලය දිගු කිරීමට One Nation පක්ෂයේ නායිකා Pauline Hanson ඉල්ලා සිටියි.

ඔස්ට්‍රේලියාවේ බැංකු හා මුල්‍ය ආයතන  බොහොමයක් පාරිභෝගිකයින්ව අනිසි ලෙස සූරා කෑමකට ලක් කරන බව මෙම  රාජකීය බැංකු කොමිසම හරහා හෙළි දරව් වෙමින් පවතින බව පසුගිය සති දෙක තුළ වාර්තා විය.

තමන්ට මීට පෙර මෙම කොමිසම පත් කිරීමට තිබු බවත් එය පත් කිරීමට ප්‍රමාද වීම තමන් සිදු කළ වැරද්දක් බවත් ඔස්ට්‍රේලියානු අගමැති ටර්න්බුල් ඊයේ පවසා තිබුණි.

පසුගිය වසරේ අග බාගයේදී ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මෙම රාජකීය බැංකු කොමිසම පත් කිරීමට එකඟ වීමට පෙර සිටම මෙවැන්නක් අවශ්‍ය බවට හඬ නැගු පක්ෂ අතර One Nation පක්ෂයද ප්‍රධාන තැනක් ගනී.

කෙසේවෙතත්, මෙම රාජකීය බැංකු කොමිසම මගින් ඔස්ට්‍රේලියාවේ මුල්‍ය ක්ෂේත්‍රයේ සෑම දිශාවකටම අවධානය යොමු කළ යුතු බව One Nation පක්ෂයේ නායිකා Pauline Hanson,  ABC පුවත් සේවයට පැවසුවාය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now