SKIP TO MAIN CONTENT

පෙනහළු පිළිකා රෝගීන්ට අවශ්‍ය ඖෂධ ඔස්ට්‍රේලියාවේ Pharmaceutical Benefits වැඩසටහනට ඇතුළත් කෙරේ.

Pharmaceutical Benefits Scheme
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

පෙනහළු පිළිකා වලින් පෙළෙන රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ ඔස්ට්‍රේලියාවේ Pharmaceutical Benefits වැඩසටහනට ඇතුළත් කර තිබේ.

ඒ අනුව Tagrisso නැමති ඖෂධය ඔස්ට්‍රේලියාවේ Pharmaceutical Benefits වැඩසටහනට මේ වන විට ඇතුළත් කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පියවර ගෙන තිබේ.

Tagrisso නැමති ඖෂධය සඳහා ඩොලර් මිලියන 96 ක සහන ප්‍රතිපාදන සැපයීමට මේ හරහා මධ්‍යම රජය කටයුතු කර ඇති බවත් ඒ ඔස්සේ පෙනහළු පිළිකා වලින් පීඩා විඳින පවුල් සිය ගණනකට වසරකට ඩොලර් 90,000 ක් පමණ ඉතිරි කරගත හැකි බවත් අගමැති Scott Morrison පැවසීය.

ඔස්ට්‍රේලියාවේ Pharmaceutical Benefits වැඩසටහන නැවත නැවත අලුත් විය යුතු බව ද අගමැතිවරයා පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now