SKIP TO MAIN CONTENT

ලංකාවේ පාර්ලිමේන්තු ක්‍රමය වෙනස් වෙන්නේ නැහැ : S.B. ගෙන් හෙළිදරව්වක්.

SL Parliament system will not going to change: S.B. Dissanayake
Source: SBS Sinhala

2 min read

Published

By Nadeeka Daya Bandara - Sri Lanka


Skip to article content

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් පාර්ලිමේන්තු ක්‍රමය වෙනස් කිරීමට අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සැලසුම් කළත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනසකට කිසිදු සහයෝගයක් ලබා නොදෙන බව අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පැවසීය.

ව්‍යවස්ථා සංශෝධනය සදහා ජනවරමක් ඉල්ලා සිටි එක්සත් ජාතික පක්ෂයට  ලැබුණේ මන්ත්‍රීධූර 106ක් බවත් එවැනි ජනවරමක් ඉල්ලා නොසිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මන්ත්‍රීධූර 95ක් හිමිවූ බව හේවාහැට කොස්හින්නේදී පැවැති ජන හමුවකදී අමාත්‍යවරයා මේ බව කීවේය.

ඒ අනුව මෙම පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනසක් සදහා යුක්ති සහගත ජනවරමක් හිමිව නැතැයි කී ඒ මහතා නව ආණ්ඩුකම ව්‍යවස්ථාවක් පිළිබදව සාකච්ඡාවක් කරා යොමුවීම වඩා උචිත යැයි කීවේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට සිය සහයෝගය නොලැබෙන බැවින් පාර්ලිමේන්තු ක්‍රමය වෙනස් කිරීම සිදුවෙතැයි විශ්වාස කළ නොහැකි බව කී අමාත්‍යවරයා මෙසේ ද සදහන් කළේය.

“මනාප ක්‍රමය වෙනුවට කොට්ඨාස ඡන්ද ක්‍රමය ගෙන ඒමට අපිට හැකිවුණා. මෙවර පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව ලබන වර්ෂයේ අවසානය වන විට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාව ලැබෙනවා. එහිදී පළාත් සභා මන්ත්‍රීවරයෙකු නොමැති මෙම ප්‍රදේශය සදහා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පත්කිරීමට හැකියාව ලැබෙනවා. පාර්ලිමේන්තු ක්‍රමය ද වෙනස් කළ යුතු වුවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනසකින් පසු එය කරන්නේ නම් ඒ සදහා ජන වරමක් මේ ආණ්ඩුවට නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනසක් සදහා එක්සත් ජාතික පක්ෂය ජන වරමක් ඉල්ලා සිටිය නමුත් ඒ සදහා ප්‍රමාණවත් ජන වරමක් ජනතාව ලබා දුන්නේ නැහැ.”


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now