SKIP TO MAIN CONTENT

ළමා අපචාර වලට චෝදනා ලැබූ ඔස්ට්‍රේලියාවේ කාදිනල් George Pell ගේ තීරණාත්මක නඩු තීන්දුව හෙට සජීවීව රූපවාහිනියෙන්.

Cardinal George Pell's fate
Source: AAP

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Skip to article content

ලිංගික අපහරණ චෝදනා ලබා සිටින ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙලේ කාදිනල්වරයෙකු වුනු ජෝර්ජ් පෙල් සඳහා වන නඩු තීන්දුව හෙට (13/03) දිනයේදී මෙල්බර්න් අධිකරණයේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

90 දශකයේ මැදභාගයේදී පිරිමි ළමුන් දෙදෙනෙකු හට සිදුකරන ලදැයි  පවසන ලිංගික අපහරණ ක්‍රියා හේතුවෙන් ජෝර්ජ් පෙල් හට චෝදනා 5 ක් ගොනුකොට තිබේ.

හෙට දිනයේදී මේ සම්බන්ධව නඩු තීන්දුව ලබාදෙන අවස්ථාව ABC රුපවාහිනී මාධ්‍ය ඔස්සේ සජීවීව විකාශය කෙරෙන අතර එහිදී විනිසුරු පීටර් කිඩ් පමණක් දර්ශනය වීමට කටයුතු කෙරෙනු ඇත.

තමාට එල්ලවී ඇති ලිංගික අපහරණ චෝදනා ප්‍රතික්ෂේප කොට ඇති ජෝර්ජ් පෙල් ඒ සඳහා අභියාචනයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටි.

එය ලබන ජුනි මස අභියාචනාධිකරණයේදී විභාගයට ගැනෙනු ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now