ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ speed camera ඇති බවට අනතුරු අගවන පුවරු ඉවත් කෙරේ (SBS සිංහල / වාර්තා)

s

Source: SMH

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ speed camera ඇති බවට අනතුරු අගවන පුවරු ඉවත් කිරීම මගින් එකතු කර ගත හැකි වැඩි මුදල් ප්‍රමාණය රජයට නොව මාර්ග ආරක්ෂාව පිළිබද අරමුදලකට අයත් කෙරෙන බවට ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍ය Andrew Constance පවසයි

මේ අනුව NSW රජය තීරණය කොට ඇත්තේ මෙසේ ජංගම හෝ ස්ථිර වේග කැමරා ඉදිරියෙහි ඇති බවට කරන දැනුම් දීම නවත්වීමටයි. මෙය රියදුරන් ජංගම දුරකථන භාවිතා කරන බවට පරීක්ෂාවට ඇති කැමරා සදහාද අදාළ වේ.

අමාත්‍යවරයා පවසන්නේ මේ වසර තුල මෙතෙක් NSW මාර්ග අනතුරු වලින් 310 දෙනෙකු මිය ගොස් ඇති බවයි. එය පසුගිය වසරට වඩා මරණ 16ක වැඩි වීමක් . මේ නිසා NSW රජය මෙම තත්වය පාලනයට හැකි සැම දේම කිරීමට යොමු වී තිබේ.

මේ අනුව රජය බලාපොරොත්තු වන්නේ වේග සීමාව ඉක්මවන රියදුරන්ගෙන් ලබා ගන්නා දඩ මුදල් ආදායම ප්‍රජා මාර්ග ආරක්ෂාව පිළිබද අරමුදලට යොමු කිරීමෙන් රියදුරන් වේග සීමාව ඉක්මවීම  වැලක්වීමටයි 

Monash විශ්ව විද්‍යාලය විසින් සොයා ගෙන ඇති පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ මෙම අනතුරු ඇගවීමේ පුවරු නොමැති නම් සිදුවන මරණ 54ක් අඩු කර ගත හැකි බවයි. Constance අමාත්‍යවරයා පවසන්නේ මෙතරම් අනතුරු සිදු වුවත් අනතුරු ඇගවීමේ පුවරු ඇති එකම ප්‍රාන්තය NSW බවයි.

අවශ්‍ය වන්නේ ජනතාවට මධ්‍යසාර පරීක්ෂාව මෙන් ඕනෑම අවස්තාවකදී අධික වේගයෙන් රිය පැදවීමෙදීද හසු වීමට ඉඩ ඇති බවට තේරුම්  කිරීම බවයි ඔහු පවසන්නේ  

නමුත් NRMA ආයතනය පවසන්නේ බොහෝ අවධානම් සහිත ස්ථාන වල අනතුරු, මෙම පුවරු නිසා වලක්වා ගත හැකි වූ බවයි. කැමරා සවි කර ඇත්තේ අනතුරු සිදු වන තැන් වල නිසා ඒවා දැනුම් දීමෙන් වේගය අඩු කිරීමට අවස්තාවක් ලැබෙන බවයි ඔවුන් පවසන්නේ. 

එසේම NRMA ආයතනය පවසන්නේ ජංගම දුරකථන භාවිතය හසු කර ගැනීමට ඇති කැමරා ද අනතුරු ඇගවීමක් නොමැතිව තැබීම තුලින්ද රියදුරන්ගේ චර්යා වෙනස් නොවන අතර ඔවුන්ට දඩය ලැබීමෙන් පසුව එය වෙනස් කිරීම ප්‍රයෝජනවත් නොවන බවයි 

NSW විගණකාධිපති Margaret Crawford පවසන්නේ ජංගම කැමරාවක් ඉදිරියේ අනතුරු ඇගවීමක් ඇති වීමෙන් රියදුරාගේ චර්යාවේ වෙනසක් සිදු කිරීමට නොහැකි වූ බව
මේ වසරේ ජුලි සිට ඔක්තෝබර් දක්වා වේග සීමා දඩ වලින් ඩොලර් මිලියන 49.3ක් උපයා ඇති අතර පසුගිය වසරේ එය 603,800 දඩ සදහා ඩොලර් මිලියන 176.8ක් වුනා. මෙම සියලු දඩ මුදල් ජනයා මාර්ග ආරක්ෂාව පිළිබද දැනුවත් කිරීම සදහා වූ අරමුදලට යොමු කෙරේ

පොලීසිය විසින් නිකුත් කරන දඩ මේ සදහා අයත් නොවේ.

Source: SMH
s
Source: SBS



Share

Published

Updated

By Charitha Adikari

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service