SKIP TO MAIN CONTENT

පාකිස්තානයෙන් නිදහස ලත් ඉන්දීය ගුවන් නියමු Abhinandan ගේ රැවුල ඉන්දියාවම පිස්සු වට්ටයි.

Captured Indian pilot Abhinandan Varthaman becomes unlikely trendsetter
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

පසුගිය සති කිහිපය තුළදී ඉන්දු - පාකිස්තාන යුධ උණුසුම වඩාත් තීව්‍ර කිරීමට මූලිකම හේතුව වූ

පාකිස්තානු හමුදා විසින් රඳවාගෙන සිට පසුව නිදහස් කරනු ලැබූ  ඉන්දීය ගුවන් හමුදා නියමුවා මේ වන විට ඉන්දියාවේ සහ විදෙස් රටවල වෙසෙන ඉන්දියානුවන්ගේ ජාතික වීරයෙකු බවට පත්ව සිටී.

වින්ග් කමාන්ඩර් Abhinandan Varthaman නැමති ඔහුගේ මේ ජනප්‍රියත්වය නිසාවෙන්ම ඔහුගේ රැවුල් විලාසිතාවද මේ වන විට ඉන්දියාව පුරා වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතී.

යුද්ධයට වඩා උණුසුම් ලෙසින් අභිනන්දන් ගේ මෙම රැවුල් විලාසිතාව ඉන්දියාවේ සිටින බහුතරයක් තරුණයින්ගේ නව රැවුල් විලාසිතාව බවට මේ වන විට පත්ව තිබේ.

Captured Indian pilot Abhinandan Varthaman becomes unlikely trendsetter
Source: Facebook

Abhinandan Cut නමින් හැඳින්වෙන මෙම රැවුල් විලාසිතාව සිදුකරගැනීමට දහස් ගණන් ඉන්දීය තරුණයින් සැලූන් වෙත පිය මනින බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර මෙම රැවුල් විලාසිතාව සමාජ ජාල ඔස්සේ පතුරුවා හැරීමට #AbhinandanMoustache නමින් Hash tag එකක්ද නිර්මාණය කර තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now