SKIP TO MAIN CONTENT

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ උතුරු ප්‍රදේශයට Total fire ban තත්ත්වයක්.

Total fire ban declared in SA regions as temperature soars
Source: Getty Images

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Skip to article content

අද දිනයේ (08/10) නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ උතුරු ප්‍රදේශයට Total fire ban තත්ත්වයක් හෙවත් ගිනි හෝ ඒ ආශ්‍රිත ක්‍රියා සම්පුර්ණයෙන්ම තහනම් කොට ඇති බවට නිවේදනය කෙරේ.

අද දින ප්‍රාන්තයේ උතුරු කොටසේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 ක් දක්වා ඉහල යාමට නියමිත බව ප්‍රාදේශීය ගිනි නිවීමේ සේවාව දන්වා සිටී.

එසේම ගිනි අනතුරු තක්සේරු කිරීම් දැඩි වනු ඇති අතර ගිනි අනතුරු ඇතිවිය හැකි ප්‍රදේශවල ජනතාවට තම ගිනි ආරක්ෂණය සම්බන්ව වන සැලැස්ම ක්‍රියාත්මක කරන ලෙසට අනතුරු අඟවා ඇති බව ද ප්‍රාදේශීය ගිනි නිවීමේ සේවාව වැඩිදුරටත් පවසා සිටි.

මේ අතර ක්වීන්ස්ලන්තයේ ගිනි නිවන භටයින් පවසන්නේ ප්‍රාන්තය තුල අසාමාන්‍ය ලෙසට උෂ්ණත්වය ඉහල යාම පිළිබඳව අවධානයෙන් සිටින බවයි.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ප්‍රදේශ 12 කට අධික සංඛ්‍යාවක මේ වන විටත් ඇතිව තිබෙන ගිනි ගැනීම් ව්‍යර්ථ කිරීමේ උත්සාහයේ නියැලෙමින් පවතින බවයි.

ඩාර්ලිං ඩවුන්ස්, ග්‍රැනයිට් බෙල්ට්, මාරනෝවා සහ වොරෙගෝ යන දිස්ත්‍රික් එම ස්ථාන වෙයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now