ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙවර 20-20 ලෝක කුසලානයේදී දැක්වූ දස්කම් සහ ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරයේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දෙන අභියෝග

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේදී අයර්ලන්තයත්, දකුණු අප්‍රිකාවත් පරාජයට පත් කරන්නට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුවත්, තරගාවලිය තුල අන්ත පරාජයක් ලැබූ ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම පිළිබද පුවත් ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඔස්සේ එමට දක්නට ලැබුණු අතර, කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ දස්කම් වාර්තා කිරීමට වෙන් කර තිබු ඉඩ කඩ ඉතා අවම බව කණගාටුවෙන් වුවද සදහන් කල යුතුය.

Sri Lanka Womens cricket team in T20 World cup

Source: Getty Images

මෙවර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කාන්තා ශුරතාවය බටහිර ඉන්දීය කොදෙව් දේශයට හිමි වූ අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිව්වැනි වතාවටත් ශුරතාවය හිමි කරගනු ඇතැයි බොහෝ දෙනෙක් විශ්වාෂ කලත්, අවසන් තරගයේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු  8ක ජයක් වාර්තා කල කොදෙව් ක්‍රීඩිකාවන් ප්‍රථම වතාවට 20-20 ලෝක ශුරතාවය හිමි කරගන්නට සමත් විය. මීට  දශක ගණනාවකට  පෙර කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට ලැබුණු තැන සමග සංසන්දනය කිරීමේදී, මේ වන විට එහි පැහැදිලි දියුණුවක් දක්නට ලැබෙන බව අප පිළිගත යුතුය. මෙවර 20-20 ලෝක කුසලානයේ කාන්තා  තරගද, පිරිමි තරගාවලියට සමාන්තරව ක්‍රියාත්මක වූ අතර, බොහෝ තරග සජීවීව රුපවාහිනිය ඔස්සේ විකාශය වන අයුරුද අපට දක්නට ලැබිණි. ජාත්‍යන්තර වශයෙන් වෙනදා නොදකින ප්‍රචාරයක් කාන්තා  ක්‍රිකට් ක්‍රීඩාවට ලැබුනද, ශ්‍රී ලංකාව තුල කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට මාධ්‍ය මගිනි ලබාදෙන ඉඩ කඩ ඉතා අවම මට්ටමක ඇති බව කිව යුතුය. මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේදී අයර්ලන්තයත්, දකුණු අප්‍රිකාවත් පරාජයට පත් කරන්නට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුවත්, තරගාවලිය තුල අන්ත පරාජයක් ලැබූ ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම පිළිබද පුවත් ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඔස්සේ එමට දක්නට ලැබුණු අතර, කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ දස්කම් වාර්තා කිරීමට වෙන් කර තිබු ඉඩ කඩ ඉතා අවම බව කණගාටුවෙන් වුවද සදහන් කල යුතුය.

20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කාන්තා තරග ශ්‍රී ලංකාව තුල විකාශය නොවූ අතර, තරගාවලිය තුල ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදුන් චමරි අතපත්තු SBS සිංහල වැඩසටහන සමග සාකච්චාවකට එක්  වෙමින් සදහන් කලේ කාන්තා ක්‍රිකට් තරග ශ්‍රී ලංකාව තුල විකාශය කරන්නේ නම් මීට වඩා  කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රී ලංකාව තුල ප්‍රචලිත කල හැකි බවයි.  ශෂිකලා සිරිවර්ධනගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙවර 20-20 ලෝක කුසලානයට සහභාගී වූ අතර තරගාවලිය අතරතුර ඇය  අබාධයකට ලක් වීම හේතුවෙන් කණ්ඩායමේ නායකත්වය උප නායක වශයෙන් කටයුතු කල චමරි අතපත්තුට හිමි විය. මෙවර තරගාවලිය තුල චමරි පන්දුවට පහරදීමේදී දැක් වූ දස්කම් ප්‍රශංසනීය බව සදහන් කල යුතු අතර සමස්ථ තරගාවලිය තුල ඇය  ලකුණු 141ක් වාර්තා කරමින්, තරගාවලියේ පිතිකාරිනියන්  අතර හත් වැනි ස්ථානය හිමි කරගන්නට සමත් වීම විශේෂයෙන් සදහන් කල යුතුයි. තරගාවලිය තුල ශ්‍රී ලංකාව මුහුණ දුන් ඕස්ට්‍රේලියා  සහ නවසිලන්ත තරග පරාජයට පත් වුවත්, එම තරගවලදී තමන්ගේ ප්‍රතිවාදී කණ්ඩායම් වලට හොද තරගයක් ලබාදීම ගැන තමන් සතුටු වන බව චමරි පවසයි. ඕස්ට්‍රේලියානු, නවසිලන්ත, කොදෙව්  වැනි කාන්තා ක්‍රිකට් කණ්ඩායම් වල තත්වයට ලගාවීමට අපිට ඇති බාධක පිලිබදව අදහස් දැක්වූ චමරි සදහන් කලේ, තුන් දින තරග වැනි දීර්ඝ තරග ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව තුල සංවිධානය නොවීම, ශ්‍රී ලංකා තුල පිතිකාරිනියන්ගේ  සහ පන්දු යවන්නන්ගේ තත්වය ඉහල නැංවීමට බාධාවක් වී ඇති බවයි. පන්දු යවන්නියන්ට විවිධත්වයකින් යුතුව පන්දු යැවීම පිලිබදව ඇත දැකීම්  ලබා ගැනීමට දෙදින සහ තුන් දින තරග ඉවහල් වනු ඇති බව ඇයගේ  මතය වී තිබේ. ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් සදහා මේ මාසයේ (අප්‍රේල්) සිට දෙදින තරගාවලියක් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇති බවත් ශ්‍රී ලංකා කාන්තා  ක්‍රිකට් කණ්ඩායමේ දස්කම් ඉහල නැවීමට එය ඉවහල් වනු ඇති බවත් චමරි අත්පතු අප සමග අදහස් දක්වමින් ප්‍රකාශ කළාය.

කොදෙව් කාන්තා  ක්‍රිකට් කණ්ඩායම මෙවර 20-20 ලෝක කුසලානය ජයග්‍රහණය කලද, ඔවුන් සතු පසුතල පහසුකම් වලද විශාල වර්ධනයක් සිදුවිය යුතු බව අවසන් තරගයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ කොදෙව් නායිකාව ස්ටෙෆනි ටේලර් සදහන් කළාය. තරුණ ක්‍රීඩිකාවන් කොදෙව් දේශය තුල ක්‍රිකට් ක්‍රිකට් ක්‍රීඩාවට යොමු කිරීම සදහා පසුතල පහසුකම් දියුණුව අත්‍යාවශය  කාරණයක් බව ඇයගේ  මතය වී තිබේ.

මේ අතර ඕස්ට්‍රේලියානු කාන්තා  ක්‍රිකට් කණ්ඩායම සදහා සිදුකරන වේතන වැඩි කිරීමට ක්‍රිකට් ඕස්ට්‍රේලියා  ආයතනය පසුගියදා තීරණය කිරීමද වැදගත් සිදුවීමක්. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමය සහ  ක්‍රිකට් ඕස්ට්‍රේලියා  ආයතනය අතර පැවති  සාකච්චා වලින් අනතුරුව ඔවුන්ගේ සමස්ථ  වේතන ඩොලර් මිලියන 1.9කින් වැඩි කිරීමට ක්‍රිකට් ඕස්ට්‍රේලියා  ආයතනය තීරණය කර තිබේ. ප්‍රමුඛ පෙලේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩිකාවන් ගෙවීම සදහා දැනට වෙන් කර ඇති මුදල ඩොලර් මිලියන 2.36ක් වන අතර එය ඩොලර් මිලියන 4.23ක් දක්වා වැඩි කිරීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබේ. ඒ අනුව මෙම නව වේතන වැඩි කිරීමත් සමගින් ප්‍රමුඛ පෙලේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩිකාවක් සදහා හිමිවන වාර්ෂික වැටුප ඩොලර් 100,000 කට අසන්න වනු ඇති බව සදහන්. මීට  අමතරව ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන්ට යහපත් වට පිටවක් සකස් කර දීමට තවත් බොහෝ කලයුතු දෑ  ඇති බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමය පවසන අතර, ක්‍රිකට් ඕස්ට්‍රේලියා ප්‍රධාන විධායක James Surtherland පවසන්නේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ අභිවෘධිය වෙනුවෙන් ක්‍රිකට් ඕස්ට්‍රේලියා ආයතනය හැකි සෑම  පියවරක්ම ගන්නා බවයි.




Share

Published

Updated

By Sanjaya Dissanayake

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service