SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා පිතිකරුවන් ප්‍රේක්ෂකයින් වෙයි. T20 තරගාවලිය දකුණු අප්‍රිකාව 3-0 ක් ලෙස ජයගනියි.

Sri Lanka tour of South Africa 2019
Source: AFP

2 min read

Published

By Madhura Seneviratne


Skip to article content

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර තරග 3 කින් සමන්විත 20-20 තරගාවලියේ ඊයේ (24/03) පැවති 3 වන සහ අවසන් 20-20 තරගයෙන්  ඩක්වත් ලුවිස් ක්‍රමයට අනුව ලකුණු 45 ක ජයක් අත්කරගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය.

ඒ අනුව දකුණු අප්‍රිකාව 20-20 තරගාවලිය 3-0 ක් ලෙස ජයගැනීමටද සමත් විය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවට ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ආරාධනා කළේය.

පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 2 කට ලකුණු 198 ක් ලබා ගත්තේය.

එහිදී Dwaine Pretorius නොදැවී ලකුණු 77 ක්ද Reeza Hendricks ලකුණු 66 ක්ද JP Duminy ලකුණු 34 ක් ද ලබා ගත්තේය.

ජයග්‍රාහී ලකුණු 199 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ ආරම්භයක් ලබාගත් නමුත් මැද පෙළ පිතිකරුවන්ගේ දුර්වල පිතිකරණය හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිම කඩා වැටෙන්නට විය.

පන්දුවාර 11 ක් අවසානයේ ශ්‍රී ලංකාව කඩුලු 6 කට ලකුණු 110 ක් ලබා සිටින අවස්ථාවේදී වර්ෂාව හේතුවෙන් තරගය නතර කර දමන්නට සිදු විය.

පසුව නැවතත් තරගය ආරම්භ කළ අතර එහිදී ඩක්වත් ලුවිස් ක්‍රමයට අනුව ශ්‍රී ලංකාවට පන්දුවාර 17 කදී ලකුණු 183 ක ඉලක්කයක් හිමි විය.

නමුත් ශ්‍රී ලංකා පිළ පන්දුවාර 15 යි පන්දු 4 කදී සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 137 ක් පමණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල ලකුණු 38 ක්ද ඉසුරු උදාන ලකුණු 36 ක්ද ලබා ගත්තේය.

තරගයේ වීරයා සම්මානය දකුණු අප්‍රිකාවේ Dwaine Pretorius හට හිමිවූ අතර තරගාවලියේ වීරයා සම්මානය Reeza Hendricks හට හිමි විය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now