SKIP TO MAIN CONTENT

දික්වැල්ලගේ දුර්වලකම නිසා ලංකාවට පළමු 20-20 තරගයේ ජය අහිමි වෙයි.

Sri Lanka tour of South Africa
Source: AP

2 min read

Published

By Madhura Seneviratne


Skip to article content

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර තරග 3 කින් සමන්විත 20-20 තරගාවලියේ ඊයේ (19/03) පැවති ප්‍රථම 20-20 තරගයෙන් සුපිරි ඕවරයේදී ලකණු 9 කින් ජයගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය.

කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ආරාධනා කළේය.

ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 කට ලකුණු 134 ක් ලබාගත්තේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් කමිඳු මෙන්ඩිස් ලකුණු 41 ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ඇරැඹු දකුණු අප්‍රිකාවට නියමිත පන්දුවාර 20 අවසනයේ කඩුලු 8 ක් දැවී ලබාගත හැකිවුයේ ද ලකුණු 134 ක් වීම නිසා තරගය සම විය.

අවසන් පන්දුවේදී නිරෝෂන් දික්වැල්ල අතින් ඉතාමත් පහසු දුවද්දී දැවීයාමක් මඟහැරීම හේතුවෙන් තරගය එසේ සම විය.

එම අවස්ථාවේදී ඩේල් ස්ටේන් දවාගැනීමට දික්වැල්ල සමත් වූයේ නම් තරගයේ ජය ශ්‍රී ලංකා පිල සතු වන්නට තිබිණ.

කෙසේවෙතත්, පසුව දෙපිළටම සුපිරි ඕවරය බැගින් පිරිනැමීමට තීරණය කළේය.

සුපිරි ඕවරයේදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් ඩේවිඩ් මිලර් (ලකුණු 13) සහ රාසි වැන්ඩසන් (ලකුණු 1) එක්ව ලකුණු 14 ක් ලබාගත්හ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පිටියට පිවිසි තිසර පෙරේරා (ලකුණු 2) සහ අවිශ්ක ප්‍රනාන්දුට (ලකුණු 1) ඉම්රාන් තහීර් විසින් යවන ලද සුපිරි ඕවරයේදී ලබාගත හැකිවූයේ ලකුණු 03 ක් පමණි.

අනෙක් ලකුණ වයිඩ් පන්දුවකින් ලැබිණ.

ඒ අනුව සුපිරි ඕවරයේදී ලකණු 9 කින් ජයගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය.

දකුණු අප්‍රිකාව මෙම ජයත් සමග 1-0 ක් ලෙසින් තරගාවලියේ පෙරමුණ ගත්තේය.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි 20-20 තරගය ඔස්ට්‍රේලියානු දිවා සම්මත වේලාවෙන් එළඹෙන මාර්තු 23 වන දින අලුයම 3 ට පැවැත්වීමට නියමිතය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now