SKIP TO MAIN CONTENT

පොහොට්ටුවට විශිෂ්ට ජයක්. කොට්ඨාස 239 යි, ඡන්ද 49,41,952 යි, සභික ධුර 3369 යි.

Sri Lanka Podujana Peramuna gains a massive victory.
Source: SBS

2 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකාවේ ඉකුත් සෙනසුරාදා (10/02) පැවැත්වූ 2018 පළාත් පාලන මැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහයෝගය හිමි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ට ජයක් ලබා තිබේ.

ඊයේ (11/02) රාත්‍රිය වන විට ප්‍රකාශිත ඡන්ද ප‍්‍රතිඵල වලට අනුව පළාත් පාලන ආයතන 341 න් ආයතන 239 ක බහුතරය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව ඇත.

ඒ අනුව ඔවුන් සමස්ත දිස්ත්‍රික්ක 24න් දිස්ත්‍රික්ක 19ක බහුතර බලය තහවුරු කරගෙන තිබේ.

පළාත් පාලන ආයතන 41 ක බලය එක්සත් ජාතික පක්ෂය විසින් අත්පත් කරගන්නා ලද අතර ද්‍රවිඩ ජාතික සන්ධානයට පළාත් පාලන ආයතන 34 ක බහුතරය හිමිවී තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආයතන 10 ක් හිමිවූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 4 ක් හිමිවී තිබිණ.

මේ අතර ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසය පලාත් පාලන ආයතන 5ක හිමිකර ගෙන තිබේ.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතන සංඛ්‍යාව 3 කි.

නෙළුම් පොහොට්ටුව ලකුණින් තරග කළ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ මේ දක්වා හිමිකරගෙන තිබෙන සමස්ත ඡුන්ද සංඛ්‍යාව 49,41,952 ක් වන අතර සමස්ත ඡුන්ද ප‍්‍රමාණයෙන් 45.09 ‍% ක ප‍්‍රතිශතයකි.

මෙම ඡන්ද සංඛ්‍යාව අනුව ශී‍්‍ර  ලංකා පොදුජන පෙරමුණට හිමිවී ඇති පළාත් පාලන සභික ධුර සංඛ්‍යාව 3369 කි.

ඊට අමතරව එක්සත් ජාතික පක්‍ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 36,12,259 ක් වන අතර එය ප‍්‍රතිශතයක් වශයෙන් 32.63 % ‍ කි.

ඒ අනුව එක්සත් ජාතික පක්‍ෂයට හිමිවී ඇති සභික සංඛ්‍යාව 2385 කි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයට 9,89,821 ක් හිමි වී ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 8.94 % කි.

ඔවුන්ට සභික ධුර 674 ක්  දක්වා හිමිව ඇත.

එමෙන්ම  ජනතා විමුක්ති පෙරමුණට ඡන්ද සංඛ්‍යාව 6,93,875 (ප‍්‍රතිශතය 6.27 ‍%) ලබා සභික ධුර 431 ක් ලබා  තිබේ.

පස්වැනි ස්ථානයට ඇද වැටී තිබෙන ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය  විසින් හිමිකරගන්නා ලද ඡන්ද සංඛ්‍යාව 4,91,835 ක් වන අතර එය ප‍්‍රතිශතයක් ලෙස  4.44 ‍% කි.

ඔවුන්ට සභික ධුර 358 ක් හිමව ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now