ඔස්ට්‍රේලියානු ක්‍රිකට් සම්මාන උළෙලේ Allan Border පදක්කම Steve Smith ට, Belinda Clark සම්මානය Ellyse Perry ට.

Allan Border Medal 2018

Source: Getty Images

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්ෂේත්‍රයේ ඉහළම සම්මාන රාත්‍රිය වන Australian cricket සම්මාන රාත්‍රිය පෙරේදා (12/02) මෙල්බන් නුවරදී පැවැත්විණි.

එහිදී ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයෙකු හට ලැබීමට හැකි ඉහළම ඔස්ට්‍රේලියානු ක්‍රිකට් සම්මානය වන Allan Border පදක්කම මෙවර හිමි කරගත්තේ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායක Steve Smith ය.

ඔහු Allan Border පදක්කම මෙවර හිමි කරගත්තේ දෙවන වරටය.

මීට පෙර ඔහු ඒ සඳහා හිමිකම් කීවේ 2015 වසරේදීය.

Australian Test skipper Steve Smith was rewarded by his second Allan Border Medal win.
Australian Test skipper Steve Smith was rewarded by his second Allan Border Medal win. Source: AAP

මීට අමතරව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩිකාවකට ලබන්නට හැකි ඉහළම ඔස්ට්‍රේලියානු ක්‍රිකට් සම්මානය වන Belinda Clark සම්මානය මෙවර හිමි කරගත්තේ ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩිකා  Ellyse Perry විසිනි.

Elyse Perry enjoyed the Belinda Clark Award.
Elyse Perry enjoyed the Belinda Clark Award. Source: AAP

එමෙන්ම පසුගිය වසරේ හොඳම ටෙස්ට් ක්‍රීඩකයා ලෙස Steve Smith ද එක් දින පිතිකරුවා ලෙස David Warner ද 20-20 පිතිකරුවා ලෙස Aaron Finch ද සම්මාන ලැබීය.

ඉතිහාසයේ Allan Border පදක්කම් ලාභීන්

2000 Glenn McGrath

2001 Steve Waugh

2002 Matthew Hayden

2003 Adam Gilchrist

2004 Ricky Ponting

2005 Michael Clarke

2006 Ricky Ponting

2007 Ricky Ponting

2008 Brett Lee

2009 Ricky Ponting and Michael Clarke

2010 Shane Watson

2011 Shane Watson

2012 Michael Clarke

2013 Michael Clarke

2014 Mitchell Johnson

2015 Steve Smith

2016 David Warner

2017 David Warner

2018 Steve Smith

ඉතිහාසයේ Belinda Clarkසම්මාන ලාභිනියන්.

2002 Karen Rolton

2003 Karen Rolton

2004 Cathryn Fitzpatrick

2005 Karen Rolton

2006 Karen Rolton

2007 Lisa Sthalekar

2008 Lisa Sthalekar

2009 Shelley Nitschke

2010 Shelley Nitschke

2011 Shelley Nitschke

2012 Shelley Nitschke

2013 Jess Cameron

2014 Meg Lanning

2015 Meg Lanning

2016 Ellyse Perry

2017 Meg Lanning

2018 Ellyse Perry

 


2 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now