නව යොවුන් තරුණ තරුණියන් අතර හුවමාරු වන sexting පණිවිඩ යැවීම අපරාධයක්ද ? ...නවතම ඕස්ට්‍රේලියානු වාර්තාවක් තුලින් මේ පිලිබද නැවත සලකා බැලීමක් ..

girl

Source: ABC Australia

 

වයස අවුරුදු 16 ට අඩු තරුණ තරුණියන් අතර හුවමාරු වන sexting පණිවිඩ ඔවුන් අතර කැමැත්තෙන් හුවමාරු වේ නම් ඒ පිළිබද පොලීසිය නැවත සලකා බැලිය යුතු බවට හිටපු උසස් අධිකරණ විනිශ්චයකරුවකු පවසයි

Youth Sexual Violence and Abuse Steering Committee නම් කමිටු වාර්තාව අනුව මෙම sexting නම් ලිංගිකත්වය හුවා දැක්වෙන පණිවිඩ හුවමාරුව අසභ්‍ය දර්ශන ගණයට අයත් නොවන  බව පෙන්වා දී තිබේ. මෙම වාර්තාව පසුගියදා ක්වීන්ස්ලන්ත රජය වෙත ඉදිරිපත් කරන ලදී. එම වාර්තාව පෙන්වා දෙන්නේ වසර 2011 සිට 2015 දක්වා කාලය තුල ළමා අසභ්‍ය චිත්‍රපට හා දර්ශන සම්බන්ධ සිදුවීම් ඉහල ගොස් ඇති බවයි

ක්වීන්ස්ලන්ත පොලීසිය පවසන්නේ වසර 2016 දී sexting පිලිබදව ප්‍රතිපත්තිය වෙනස් කල බවයි . ඒ එම වයස් වල සිය කැමැත්තෙන් එවන් පණිවිඩ හුවමාරු කරගන්න දරුවන්ට අධ්‍යාපනය හා උපදෙස් ලබා දීම පිලිබදව තුලින්

මෙම වාර්තාව පවසන්නේ දරුවන් අතර මෙවන් පණිවිඩ හුවමාරු වීම වැඩි වීමට හේතුව smart දුරකථන ආදී තාක්ෂණික උපකරණ භාවිතයේ වැඩි වීම නිසා බවයි . මෙම වාර්තාවේ රචක හිටපු විනිශ්චකාර Stanley Jones පවසන්නේ.

මෙම පණිවිඩ හුවමාරු කරගැනීම කුමන පසුබිමක් යටතේ සිදු වූවා දැයි සොයා බලා ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල කිරීම සිදු කල යුතු බවට වාර්තාව පවසයි

වයස අවුරුදු 12 දී මෙවන් පණිවිඩ යැවීම ආරම්භ කරන දරුවන්

ABC ආයතනය විසින් අදහස ලබා ගත්  තරුණ තරුණියන් පවසා තිබෙන්නේ ඔවුන් වයස අවුරුදු 12 දී පමණ මෙම ලිංගික චායාරුප රැගත් sext හුවමාරු කර ගැනීමට පටන් ගත් බවයි

බොහෝ විට කිසියම් ගැටළුවක් ඇති වූ විට පමණක් මෙම පණිවිඩ පිළිබද කාගේත් අවධානය යොමු වන බව ඔවුන් පවසනවා

මෙසේ තත්වය මධ්‍යස්ත ලෙස පාලනය කිරීම වැදගත බවත් Gold Coast Centre Against Sexual Violence සංවිධානය පවසනවා .

ගැහැණු ළමුන් මුහුණ දෙන ගැටළු

විශේෂයෙන් මෙහිදී පිරිමි ළමුන් මෙවන් චායාරුප හුවමාරි කර ගැනීම වැඩි බවත්, ගැහැණු දරුවන්ට සමහර විට තර්ජන නිසා මෙවන් දේ හුවමාරු කිරීමට සිදු වන බවද මෙහිදි එම සංවිධානයේ Di Macleod පවසනවා.

බොහෝ  විට පොලීසිය විසින් එවන් අවස්ථා වල ගැහැණු දරුවන් වරදකරුවන් ලෙස සැලකීම සිදු වන බවත් ඇය පවසනවා. 

වාර්තාව පවසන්නේ වසර 2008-2015 කාලය තුල ලිංගික හිංසන වලට ගොදුරු වුවන් 2300-2600 ත් අතර හමු වූ බව.

මෙම වාර්තාවේ නිර්දේශ 31 අතර ප්‍රාථමික හා ද්වීතීයක පාසල් වල ගෞරවනීය සබඳතා පවත්වා ගෙන යාම පිළිබද දැනුවත් කිරීම් ඇතුලත් කිරීමද අයත් වේ.

source: ABC news

 


2 min read

Published

Updated

By Charitha Adikari


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now