Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2018 - අනුෂා කොඩිතුවක්කු සහ ලෝක ශුර මේරි කොම් අතර අවසන් පුර්ව තරගය හෙට (අප්‍රේල් 11දා)

Boxing - Commonwealth Games Day 4

during Boxing on day four of the Gold Coast 2018 Commonwealth Games at Oxenford Studios on April 8, 2018 on the Gold Coast, Australia. Source: Getty Images AsiaPac

ගෝල්ඩ් කෝස්ට් නුවරදී පැවැත්වෙන 21 වැනි පොදු රාජ්‍ය  මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා 45-48kg බොක්සිං  තරග ඉසව්වේ අවසන් පුර්ව  තරගය සදහා සුදුසුකම් ලබන්නට ශ්‍රී ලංකා බොක්සිං  ක්‍රීඩිකා අනුෂා  කොඩිතුවක්කු සමත් වී තිබේ. පසුගිය 8 වැනිදා පැවති  අර්ධ අවසන් පුර්ව  තරගයේදී කේමන් දුපත් හී Brandy Barnes පරාජයට පත් කල අනුෂා අවසන් පුර්ව  තරගයට සුදුසකම් ලබන්නට සමත් විය.   අවසන් පුර්ව තරගය පරාජය වුවද අනුෂා  හට මෙම ඉසව්වේ ලෝකඩ පදක්කම  හිමිවන අතර අවසන් පුර්ව  තරගයේදී අනුෂා  තරගවැදීමට නියමිත වන්නේ පස් වතාවක් ලෝක කාන්තා  බොක්සිං  ශුරතාවයට  හිමිකම් කියන්නට සමත් වූ ඉන්දීය සුපිරි බොක්සිං  ක්‍රීඩිකා මේරි කොම් සමගයි. මේරි කොම් 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ කාන්තා  Flyweight (51KG ) ඉසව්වේ ලෝකඩ පදක්කම හිමි කරගත් අතර, මෙවර පොදු රාජ්‍ය  මණ්ඩලීය ක්‍රීඩා උළෙලට එක්  වන්නේ ඇයගේ  පළමු පොදු රාජ්‍ය  මණ්ඩලීය රන් පදක්කම බලාපොරොත්තුවෙන්.

2016 වසරේ මීට  පෙර අනුෂා  සහ මේරි කොම් දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී බොක්සිං  වළල්ල තුල හමුවී ඇතත්, අබාධයකට ලක්වීමත් සමගින් අනුෂා  එම තරගය පරාජයට පත් විය. අනුෂා කොඩිතුවක්කු සහ මේරි කොම් අතර මෙවර පොදු රාජ්‍ය  මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ  කාන්තා 45-48kg බොක්සිං අවසන් පුර්ව  තරගය හෙට (අප්‍රේල් 11දා ) දහවල් 12:02 ට (බ්‍රිස්බේන් වේලාවෙන් ) ගෝල්ඩ් කෝස්ට් නුවර Oxenford Studios හිදී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩිකා අනුෂා කොඩිතුවක්කු

Sri Lankan boxer Anusha
Source: NOC Sri Lanka

ඉන්දීය බොක්සිං ක්‍රීඩිකා මේරි කොම්

Mary Kom
Mary Kom Source: Photo by Sonu Mehta/Hindustan Times via Getty Images


2 min read

Published

By Sanjaya Dissanayake


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now