SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ විශ්‍රාමිකයින්ගේ deeming rates කප්පාදු කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සූදානම් වෙයි.

deeming rates
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියාවේ විශ්‍රාමිකයින්ගේ deeming rates කප්පාදුව පිළිබඳ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ගත් තීරණයේ වෙනසක් නොවන බව වාර්තා වේ.

විශ්‍රාමිකයින් තමන්ගේ මුල්‍ය ආයෝජන හරහා කොපමණ ආදායමක් ලබනවාද යන්න ඇස්තමේන්තු ගත කිරීමට මෙම deeming rates උපයෝගී කරගනී.

මෙම සංශෝධන හරහා තනි විශ්‍රාමික පුද්ගලයෙකු හට වසරකට $800 ක මුදලක් අමතරව ලැබෙන අතර විශ්‍රාමික යුවළකට වසරකට අමතරව $1,000 ක මුදලක් හිමිවනු ඇත.

මෙම සංශෝධන හරහා විශ්‍රාමිකයින් මිලියනයකට පමණ අමතර මුදල් හිමිවන බව ද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.

නමුත් මේ හරහා ඔස්ට්‍රේලියාවේ විශ්‍රාමිකයින් ව සූරාකෑමකට ලක් කරන බවට විපක්ෂය චෝදනා කරයි.

කෙසේනමුත්, මේ සංශෝධන හරහා සමාජයට යහපතක් මිස අයහපතක් කිරීමට රජය උත්සාහ නොදරන බව  ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now