හිංසාකාරී සහ වෛරී ප්‍රකාශ ඉවත් කරන්න Facebook වෙතින් නව රැකියා 500ක්.

Facebook

Source: Facebook

තම සමාජ ජාලයේ පළ කරනු ලබන හානිකර සහ හිංසාකාරී ප්‍රකාශ මෙන්ම ඡායාරූප සහ වීඩියෝ ඉවත් කිරීම සඳහා Facebook ආයතනය නව ඉංජිනේරු මධ්‍යස්ථානයක් ලන්ඩන් නුවරදී විවෘත කිරීමට සූදානම් වේ.

සමාජ ජාල මාධ්‍ය ඔස්සේ පළ කරනු ලබන හානිකර සහ හිංසාකාරී ප්‍රකාශ මෙන්ම වෛරී ප්‍රකාශ වලට එරෙහිව පියවර ගන්නා ලෙස ලොව ප්‍රධාන තාක්ෂණික ආයතන වෙත ලෝක නායකයින් කළ බල කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙය ක්‍රියාත්මක වේ.

ඒ අනුව මෙම මධ්‍යස්ථානය හරහා තාක්ෂණ ක්ෂේත්‍රයේ නව රැකියා 500 ක් බිහිවන බවත් එයින් 100 ක් පමණ artificial intelligence හෙවත් කෘත්‍රිම බුද්ධිය ආශ්‍රිත රැකියා වන බවත් Facebook ආයතනය නිවේදනය කරයි.

ඒ අනුව Facebook හි පළ කරනු ලබන හානිකර, හිංසාකාරී, වෛරී ප්‍රකාශ මෙන්ම ඡායාරූප සහ වීඩියෝ ඉවත් කිරීමට එක් කණ්ඩායමක් යෙදවීමට නියමිතය.

සාහසික ප්‍රකාශ, ඡායාරූප සහ වීඩියෝ Facebook පද්ධතියෙන් ඉවත් කිරීමට අදාළ මෘදුකාංගයක් නිපදවීමට අනෙක් කණ්ඩායම යෙදවීමට නියමිතය.


1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now