SKIP TO MAIN CONTENT

මහ රැජිණගේ උපන්දිනය නිමිත්තෙන් 2018 ඔස්ට්‍රේලියාවේ ඉහළම ගෞරව සම්මාන ලාභීන් 10 මෙන්න.

2018 Queen's Birthday Honourees
Source: AAP, SBS

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

බ්‍රිතාන්‍ය මහ රැජිණගේ උපන්දින සැමරුම නිමිත්තෙන් ඔස්ට්‍රේලියනුවන් වෙත වාර්ෂිකව පිරි නැමෙන ගෞරව සම්මාන ලැයිස්තුවේ 2018 සඳහා වූ ප්‍රධාන සම්මාන ලාභීන්ගේ නම් මේ වන විට හෙළි කර තිබේ.

විවිධ ක්ෂේත්‍රයන්හි දස්කම් දැක්වූ සහ ඔස්ට්‍රේලියානු ජන සමාජයට සිදු කළ සේවය උදෙසා තෝරාගත් ඔස්ට්‍රේලියානුවන් හට බ්‍රිතාන්‍ය මහ රැජිණගේ උපන්දින සැමරුමට සමගාමීව මෙසේ සෑම වසරකම ගෞරව සම්මාන පිරි නැමීමක් සිදු කෙරේ.

ඒ අනුව ඔස්ට්‍රේලියානු ජන සමාජයට සිදු කළ සේවය උදෙසා තෝරාගත් විද්‍යාඥයින්, වෛද්‍යවරුන්, නීති විශාරදයින්, කලාකරුවන්, සාමාජ සේවකයින් සහ ව්‍යාපාරකයින් මෙම සම්මානයෙන් පිදුම් ලබයි.

ඔස්ට්‍රේලියාවේ පිහිණුම් ශූරියක් වන Dawn Fraser, ඔස්ට්‍රේලියානු මධ්‍යම අධිකරණයේ විනිසුරුවරියක වන  Catherine Branson, ඔස්ට්‍රේලියානු න්‍යෂ්ඨික විද්‍යා හා තාක්ෂණික සංවිධානයේ හිටපු නියෝජ්‍ය සභාපතිනී Erica Smyth, රසායනික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක වන Rose AMAL, ඔස්ට්‍රේලියාවේ සිනමා ක්ෂේත්‍රයට දැක්වූ මහගු දායකත්වය වෙනුවෙන් Jill Elizabeth BILCOCK, ජීව විද්‍යාව සඳහා දැක්වූ මහගු දායකත්වය වෙනුවෙන් මහාචාර්ය Geoffrey BURNSTOCK, නැසී ගිය ජ්‍යෙෂ්ඨ වෛද්‍ය පර්යේෂක David Albert COOPER, ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට දැක්වූ මහගු දායකත්වය හේතුවෙන් මහාචාර්ය Geoffrey Colin HARCOURT සහ මහාචාර්ය Virginia Margaret SPATE සහ විද්‍යා හා තාක්ෂණික ක්ෂේත්‍රයට සිදු කළ මහගු මෙහෙවර උදෙසා මහාචාර්ය San Hoa THANG හට මෙවර ඉහළම ගෞරව සම්මාන 10 පිරි නැමේ.

මෙවර ඉහළම  ගෞරව සම්මාන 10 න් 6 ක්ම හිමිකරගෙන ඇත්තේ කාන්තාවන් විසින් වීම සුවිශේෂී වන අතර ඉතිහාසයේ ප්‍රථම වරට මෙලෙස සිදුවූ බව වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now