SKIP TO MAIN CONTENT

ලෝක ක්ෂය රෝග දිනය අදයි (මාර්තු 24) - ලෝක ජනගහනයෙන් මිලියන 10.4 ක් ක්ෂය රෝගයට ගොදූරුව ඇති බව හෙළිවෙයි.

World TB day
.

1 min read

Published

Updated

Source: News Sri Lanka


Skip to article content

"එක්වෙමු - ක්ෂය රෝගය දූරලමු" යන තේමාව ක්‍රියාවේ යෙදවෙන ලෝක ක්ෂය රෝග දිනය අදට (24) දිනට යෙදී තිබේ.

ජර්මන් ජාතික විද්‍යාඥ වෛද්‍ය රොබට් කොක් විසින් 1882 මාර්තු මස 24 දින ක්ෂය රෝග කාරක බැක්ටීරියාව සොයාගැනීම සමරනු වස් පසු කාලීනව මෙම දිනය ලෝක ක්ෂය රෝග දිනය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

ලෝක ජනගහනයෙන් 3/4 කට ක්ෂය රෝග කාරක බැක්ටීරියාව ආසාදිත වී තිබෙන බව වෛද්‍යවරු පවසති. බෝවන රෝග නිසා සිදූ වන මරණ සළකා බැලීමේ දී ක්ෂය රෝගය නිසා ඇතිවන මරණ දෙවැනි වන්නේ එචි.අයි.වී ඒඩිස් මගින් සිදූවන මරණ සදහා පමණි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වලට අනුව ලෝක ජනගහනයෙන් මිලියන 10.4 ක් ක්ෂය රෝගයට ගොදූරුව ඇති බව අනාවරණය වී තිබේ. ඔවුන්ගෙන් සියයට 61 ක් අග්නිදිග අසියාතික හා බටහිර ෆැසිපික් කළාපවල ජීවත් වෙති.

ශ්‍රි ලංකාවෙි වර්තමාන තත්ත්වය සළකා බැලීමෙි දී පසුගිය වසරේ රෝගීන් 13,757 ක් ඇස්තමේන්තු කර තිබේ. ශ්‍රී ලංකා ජනගහනයෙන් ලක්ෂ 65කට පමණ  ක්ෂය රෝග කාරක බැක්ටීරියාව ආසාදනය වී තිබේ. 2016 වසරේ දී පමණක් ක්ෂය රෝගය යැයි හඳුනාගත් පුද්ගලයින් 8886ක් හඳුනාගෙන තිබේ.  


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now