SKIP TO MAIN CONTENT

ක්වීස්න්ලන්ත වෙරළට ගිය දහස් ගණනකට bluebottle jellyfish ප්‍රහාරයක්.

Thousands stung by bluebottles in Queensland.
Source: Getty Images

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News, SBS Sinhala program


Skip to article content

ක්වීන්ස්ලන්ත මුහුදු වෙරළට ගිය දහස් ගණන් ජනතාව  bluebottle jellyfish ලාගේ දෂ්ඨනය ට ලක්වේ ඇති බව වාර්තා වේ.

පසුගිය සති අන්තයේ ගෝල්ඩ් කෝස්ට් සහ Sunshine  කෝස්ට් වෙරළ තීර වල සිටි පුද්ගලයින් 2600 ක් පමණ මෙලෙස bluebottle jellyfish දෂ්ඨනය ට ලක්ව ඇති බව සඳහන්.

ඔවුන් සඳහා වහා ප්‍රථමාධාර ලබා දුන් බවද වාර්තා වේ.

ඇතැම් පුද්ගලයින්ගේ තත්ත්වය තරමක් උග්‍ර වූ බවත් ඔවුන්ට paramedics සේවාවන් වහා ලබා දුන් බවත් සඳහන්.

මෙවැනි සිදුවීමක් තමන් කිසි දිනෙක දැක නැති බව Surf Life Saving සංවිධානයේ කාර්යයේ නියුතු නිලාධරී Jeremy Sturges, Channel Nine පුවත් වෙත පැවසුවේය.

ඔස්ට්‍රේලියානු මුහුදු තීර වල සිටින Blue bottle jellyfish ඇතැම් පුද්ගලයින්ට මාරාන්තිකය.

Blue bottle jellyfish ප්‍රහාරයක් එල්ලවුවහොත් එම තුවාල වූ පෙදෙස මිනිත්තු 20 ක් පමණ උණුසුම් වතුරේ බහා තැබිය යුතුය.

උණුසුම් ජලය නොමැතිනම්  ice pack එකක් තැබීමද සුදුසු වන අතර වැලි හෝ අනෙකුත් දියර වර්ග තුවාලය මතට නොදැමීමටද වග බලාගත යුතුය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now