SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු ඇමති Peter Dutton ට විශ්වාසභංගයක්.

Peter Dutton
يؤكد داتون بانه لم يخالف القوانين رغم تدخله الشخصي و استخدامه لصلاحياته الوزارية في عدد من القضايا المثيرة للجدل Source: AAP

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය Peter Dutton ට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවට ගෙන ඒමට විපක්ෂය සූදානමින් සිටියි.

තම බලය අයුතු ලෙස භාවිත කරමින් ඉතාලි ජාතික කාන්තාවකට සහ තවත් කිහිප දෙනෙකුට ඔස්ට්‍රේලියාවේ රැදී සිටීම සඳහා වීසා ලබාදීමට කටයුතු කර ඇති බවට හිටපු සංක්‍රමණ කටයුතු පිළිබද ඇමති Peter Dutton හට එල්ලවී ඇති චෝදනා වල දිගහැරුමක් ලෙස මෙම විශ්වාසභංගය ගෙනෙන බව ඔවුන් පවසයි.

2015 වසරේදී Peter Dutton, ආගමන කටයුතු පිළිබඳ අමාත්‍යධුරය දරන සමයේදී ඔස්ට්‍රේලියානු වීසා ප්‍රතික්ෂේපවූ යුරෝපානු ජාතිකයින් කිහිප දෙනෙකු හට ඔස්ට්‍රේලියාවේ රැදී සිටීම සඳහා වීසා ලබාදීමට කටයුතු කර ඇති බවට මෙම චෝදනා එල්ලවී ඇත.

Peter Dutton ට විරුද්ධව ගෙනෙන විශ්වාසභංග යෝජනාව සඳහා කම්කරු පක්ෂය මෙන්ම ග්‍රීන්ස් පක්ෂයද  සහය දෙන බවට මේ වන විට වාර්තා වේ.

ලබන සතියේදී නැවතත් ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුව ආරම්භ වූ විට ග්‍රීන්ස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී Adam Bandt විසින් මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

අමාත්‍ය  Peter Dutton ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුව නොමග යවා ඇති බවට ඔහු චෝදනා කරන අතර ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් කිරීමට Peter Dutton තවමත් අසමත් වී ඇති බව Adam Bandt පවසයි.

Adam Bandt  ඔස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂණය සඳහා ලිබරල් රජය ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙලට නිරතුරුවම විරුද්ධවූ අයෙකු බව අමාත්‍ය Peter Dutton, Channel 7 පුවත් වෙත පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now