SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු ඇමති Peter Dutton විශ්වාසභංගය ජයගනී.

Peter Dutton survived no-confidence vote by one vote.
Peter Dutton survived no-confidence vote by one vote. Source: AAP

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය Peter Dutton ට එරෙහිව ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට අද (20/09) ගෙන ආ විශ්වාසභංග යෝජනාව තියුණු ලෙස පරාජයට පත්ව තිබේ.

Peter Dutton,  ආගමන කටයුතු පිළිබඳ අමාත්‍යවරයාව සිටි සමයේදී තම ඇමති බලතල යුතු ලෙස භාවිත කිරීම නිසා පාර්ලිමේන්තුව නොමග යවා ඇතැයි පවසමින් ග්‍රීන්ස් පක්ෂය විසින් මෙම විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

සංචාරක වීසා මත ඔස්ට්‍රේලියාවට පැමිණි ඉතාලි ජාතික කාන්තාවකට 2015 වසරේදී ආගමන කටයුතු ඇමතිවරයා ලෙස සිටි Peter Dutton තම ඇමති බලතල යොදාගනිමින් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා දීමට ගත් තීන්දුව සහ ඔහු විසින් තම ඇමති බලතල අවභාවිතා කරමින් සිදු කළා යයි නැගෙන අනෙකුත් චෝදනාවන් අළලා මෙම විශ්වාසභංගය ගෙන ඒමට කටයුතු යෙදිණි.

කෙසේවෙතත්, මේ පිළිබඳ කරුණු විමසු සෙනට් කමිටුව ඊයේ (19/09) නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ සංචාරක වීසා මත සිටි විදෙස් කාන්තාවන් දෙදෙනෙකු හට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා දීමට Peter Dutton තම අමාත්‍ය බලතල භාවිතා කළ බව පැහැදිලිව ඔප්පු වන බවත් ඒ අනුව ඔහු පාර්ලිමේන්තුව නොමග යවා ඇති බවත්ය.

නමුත් ඔහුට විරුද්ධව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව ඡන්ද 67 – 68 ක් ලෙස තියුණු ලෙස පරාජයට පත් විය.

ලිබරල් සන්ධාන රජයේ කිසිවෙකු ඊට පක්ෂව ඡන්දය ලබා නොදුන් බැවින් මෙම විශ්වාස භංගය පරාජය කිරීමට රජයට හැකිවී තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now