SKIP TO MAIN CONTENT

දකුණු අප්‍රිකාව සමග එක් දින සහ 20-20 තරගාවලි සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි.

SL ODI Squad for South Africa series
Source: Facebook

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිත එක් දින තරගාවලියට සහ 20-20 තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

මේ පිළිබඳ නිල වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ දිනයේදී නිවේදනය කළේය.

ඒ අනුව එක් දින හා 20-20 තරගාවලියේ ශ්‍රී ලංකා පිළේ නායකයා ලෙස ලසිත් මාලිංග කටයුතු කරන අතර නිරෝෂන් දික්වැල්ල උප නායකයා ලෙස කටයුතු කරයි.

පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බවට ICC යෙන් චෝදනා ලැබ තරග තහනමකට ලක්ව සිටි ශ්‍රී ලංකා පිළේ පිට දඟ පන්දු යවන අකිල ධනංජය ද මෙම සංචිතයට නම් කර තිබේ.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිත එක් දින තරගාවලිය තරග 5 කින් සමන්විත වන අතර පළමු තරගය එළඹෙන මාර්තු 03 වන දින ආරම්භ වේ.

මේ අතර දෙරට අතර 20-20 තරග 3ක් පැවැත්වීමට ද නියමිත අතර පළමු 20-20 තරගය මාර්තු 20 වන දින ආරම්භ වේ.

ශ්‍රී ලංකා සංචිතය

ලසිත් මාලිංග (නායක)

අවිශ්ක පෙරරා

උපුල් තරංග

නිරෝෂන් දික්වැල්ල (උප නායක)

කුසල් ජනිත් පෙරේරා

කුසල් මෙන්ඩිස්

ධනංජය ද සිල්වා

තිසර පෙරේරා

අකිල ධනංජය

ඇන්ජලෝ පෙරේරා

ඕෂධ ප්‍රනාන්දු

කමිඳු මෙන්ඩිස්

ප්‍රියමාල් පෙරේරා

ඉසුරු උදාන

විශ්ව ප්‍රනාන්දු

කසුන් රාජිත

ලක්ෂාන් සඳකැන්


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now