SKIP TO MAIN CONTENT

වාර්තා තබමින් ශ්‍රී ලංකාව පළමු 20-20 කඩුලු 6 කින් ජයගනී.

Sri Lanka thrashes Bangladesh by 6 wickets in 1st T20.
Source: AP

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩකා නුවර ඊයේ (15/02) පැවැති පළමු 20-20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 6 ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ අනුව තරග 2 කින් සමන්විත මෙම 20-20  තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව සිටියි.

කාසියේ වාසිය දිනු බන්ග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 193 ක් රැස් කළේය.

එහිදී Mushfiqur Rahim ලකුණු 66 ක්ද Soumya Sarkar ලකුණු 51 ක්ද ලබා ගත්තේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 194 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම, පන්දු 20 ක් ඉතිරිව තිබියදී කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගිය අතර බංග්ලාදේශයේදී කණ්ඩායමක් 20-20 තරගයකදී හඹාගොස් ජයගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසද එය වාර්තා පොතට එක් විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 53 ක්ද දසුන් ශානක ලකුණු 42 ක්ද තිසර පෙරේරා ලකුණු 39 කඩ ධනුෂ්ක ගුණතිලක ලකුණු 30 ක්ද ලබා ගත්තේය.

තරගයේ වීරයා සම්මානය කුසල් මෙන්ඩිස් හට හිමි විය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now