SKIP TO MAIN CONTENT

මාලිංග ගේ සුපිරි අවසන් ඕවරය නිසා 2019 IPLශූරතාව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට.

IPL 2019
Source: Facebook

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකා පිළේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ සුපිරි අවසාන පන්දු වාරය හේතුවෙන් 2019 IPLශූරතාව දිනාගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ (12/05) සමත් විය.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව තරග වැදුණු චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවේදී ලකුණු දෙකක් ලබාගැනීමට තිබූ නමුත් මාලිංග ගේ යෝකර් පන්දුවක් හමුවේ Shardul Thakur කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම එක් ලකුණ තියුණු ජයක් අත් කරගත්තේය.

පළමුව පන්දුවට පහර දුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුළු 8ක් දැවී රැස්කර ගැනීමට හැකිවුයේ ලකුණු 149ක් පමණි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි සුපර් කිංග්ස් ඉනිම පන්දුවාර 20 අවසානයේ කඩුළු 7ක් දැවී ලකුණු 148කට සීමා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය.

එහිදී අවසන් පන්දුවාරයේදී ජයග්‍රහණය සඳහා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ලකුණු 9ක් අවශ්‍ය විය.

නමුත් ලසිත් මාලිංග විසින් ක්‍රියාත්මක කළ එම පන්දුවාරයේදී ඔවුන්ට ලබාගත හැකි වුණේ ලකුණු 7ක් පමණි.

ඒ අනුව මෙවර IPLශූරතාව සමග මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මේ වන විට IPLශූරතා 4 ක් දිනාගැනීමට සමත්වී තිබේ.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයතු කරනු ලබන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙකු වූ මහේල ජයවර්ධන විසිනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now