ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නොකඩවා 50 වන වරටත් newspoll සමීක්ෂණයේදී කම්කරු පක්ෂයට පරාජය වෙයි.

The latest Newspoll marks the 50th consecutive loss for the Coalition.

Source: AAP

ඔස්ට්‍රේලියානු දේශපාලනය පිළිබඳ මත විමසන ප්‍රධාන සමීක්ෂණයක් වන newspoll සමීක්ෂණයේ නවතම ප්‍රතිඵල වලට අනුව කම්කරු පක්ෂය ලිබරල් පක්ෂයට වඩා මෙවරත් ඉදිරියෙන් සිටියි.

The Australian පුවත් පත විසින් මෙහෙයවන මෙම newspoll සමීක්ෂණයේ මෙවර ප්‍රතිඵල වලට අනුව කම්කරු පක්ෂයට 54% ක මනාපයකුත් ලිබරල් පක්ෂයට 46% ක මනාපයකුත් ලැබී තිබේ.

ඒ අනුව ලිබරල් සන්ධානය නොකඩවා 50 වන වරටත් newspoll සමීක්ෂණයේදී කම්කරු පක්ෂයට පරාජය වීම විශේෂ සිදුවීමක් විය.

නමුත් ඔස්ට්‍රේලියාවේ ජනප්‍රියතම අග්‍රාමාත්‍යවරයා ලෙස තවමත් වත්මන් අගමැති Scott Morrison, විපක්ෂ නායක Bill Shorten ට වඩා ඉදිරියෙන් සිටියි.


1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now