SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Malcolm Turnbull ගේ නායකත්වයට සිය පක්ෂය තුලින්ම අභියෝග එල්ල වන ලකුණු (SBS සිංහල/වාර්තා )

Trurnbull
Source: AAP

1 min read

Published

By Charitha Adikari

Source: SBS News



Skip to article content

පිට පිටම සමීක්ෂණ වාර්තා වලින් කම්කරු පක්ෂයට පිටුපසින් සන්ධාන රජය සිටින නිසා ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Malcolm Turnbull ගේ නායකත්වයට යම් බලපෑමක් ඇති වී ඇති බවට වාර්තා වේ. මේ ආකාරයටම හිටපු අග්‍රාමාත්‍ය Tony Abbot ගේ සමයේද 30 වතාවක් සමීක්ෂණ වලින් පිටුපසින් සිටින විට වත්මන් අග්‍රාමාත්‍යවරයා විසන් Abbot ගේ නායකත්වය අභියෝගයට ලක් කළේය.

Turnbull ගෙන් පසුව නායකත්වයට සුදුසු චරිතයක් ලෙස හඳුන්වන්නේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Peter Dutton . නමුත් Dutton මහතා පවසන්නේ ඔහු අග්‍රාමාත්‍යවරයාට පක්ෂපාතී බවත් ඔහුට පක්ෂපාතීත්වය නොමැති නම් ඔහු දුරයෙන් ඉල්ලා අස් වන බවයි , නමුත් ඔහුද පවසා ඇත්තේ සන්ධානය මීලග මැතිවරණයේදී කම්කරු පක්ෂය ට පරාජය වීමේ ඉඩක් ඇති බව. පසුගිය සමයේ සෙනට් සභාවේ ඇති වූ සිදුවීම් ඊට බලපෑ ඇති බවත් , සන්ධානයට වඩා හොඳ ආර්ථික ප්‍රතිපත්තියක් ඇති බවත් ඔහු පවසයි .

මේ වන විට සන්ධාන පසු පෙළ මන්ත්‍රීන් රජයට coal fire බලාගාර ඉදිකිරීම පිළිබද බල කරමින් සිටී. මීලග සමීක්ෂණය තුලින්ද රජය පසුපසින් සිටීද යන්න පිලිබදව කාගේත් අවධානය යොමු වුවද Turnbull මහතා ඉදිරි මාස 12 තුලද ඔහුට පක්ෂයේ සහය හිමි වනු ඇතැයි අපේක්ෂා කරන බවද සදහන්

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now