SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ යොවුන් පරපුරට meningococcal එන්නත නොමිලේ ලබා දීමට තීරණය කරයි.

meningococcal vaccine
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

මාරාන්තික meningococcal බැක්ටීරියා ආසාදනයට එරෙහිව ලබා දෙන meningococcal එන්නත ඔස්ට්‍රේලියාවේ වෙසෙන යොවුන් වියේ පසුවන්නන්ට  නොමිලයේ ලබා දීමට තීරණය කර තිබේ.

meningococcal බැක්ටීරියාව A, C, W සහ Y යනුවෙන් මුහුණුවර 4 කින් පැමිණීමට ඉඩ ඇති බැවින් මෙම meningococcal එන්නත ඒ සෑම මාදිලියකටම එරෙහිවන ලෙස සකසා ඇත.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ වෙසෙන වයස අවුරුදු 14 ත් 19 ත් අතර යොවුන් වියේ පසුවන්නන්ට එළඹෙන අප්‍රේල් මාසයේ සිට මෙම එන්නත නොමිලයේ ලබා දීමට කටයුතු යොදා තිබෙන අතර මාස 12ක් වයසැති බිලිඳුන් හට ජූලි මාසයේ සිට එය නොමිලයේ ලබා ගත හැකිය.

මෙම මාරාන්තික meningococcal බැක්ටීරියා ආසාදනය හේතුවෙන් පසුගිය වසරේ ඔස්ට්‍රේලියානුවන් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවත් මේ නව තීරණය හේතුවෙන් එම මරණ අනුපාතය අවම කර ගැනීමට හැකිවනු ඇති බවත් සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now