SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියානු 1 වන ටෙස්ට් තරගය - දින දෙකහමාරයි, ඔස්ට්‍රේලියාවට ඉනිමක සහ ලකුණු 40 ක දැවැන්ත ජයක්.

Sri Lanka tour of Australia at Brisbane
Source: Getty Images

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර බ්‍රිස්බන් නුවර Gabba ක්‍රීඩාංගනයේදී පැවති පළමු ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 40 කින් ජයගැනීමට ඔස්ට්‍රේලියානු පිළ මීට සුළු මොහොතකට පෙර සමත් විය.

ජනවාරි 24 වන දින ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

දුර්වල පිතිකරණයක නිරතවූ ශ්‍රී ලංකාව එදිනම මැද භාගය වන විට සියලු දෙනාම දැවී ගියේ ලකුණු 144 කටය.

ඉන් අනතුරුව පළමු ඉනිම ඇරඹු ඔස්ට්‍රේලියාව සියලු දෙනා දැවී ලකුණු 323 ක් ලබා ගත්තේය.

ඒ අනුව ඉනිමක පරාජයෙන් බේරීමට ශ්‍රී ලංකාව ලකුණු 179 ක් ලබා ගත යුතුව තිබුණි.

නමුත් ශ්‍රී ලංකාවට සිය දෙවැනි ඉනිමේදී සියලු දෙනා දැවී ලබාගත හැකිවුයේ ලකුණු 139 ක් පමණි.

ඒ අනුව දින 5 ක මෙම ටෙස්ට් තරගය දින දෙකහාමරකින් අවසන් වුයේ ඔස්ට්‍රේලියාවට ඉනිමක සහ ලකුණු 40 ක දැවැන්ත ජයක් අත්කරදෙමිනි.

දෙරට අතර දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය එළඹෙන පෙබරවාරි 01 වන දින කැන්බරා නුවර මනුකා ඕවල් ක්‍රීඩාංගනයේදී ආරම්භ වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now