SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා පළමු 20-20 තරගය අදයි.

Sri Lanka tour of South Africa
Source: Getty Images

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

තරඟ 3 කින් සමන්විත ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා 20-20 ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය අද (19/03) කේප් ටවුන්හි නිව්ලෑන්ඞ්ස්හිදී ආරම්භ වීමට නියමිතයි.

තරඟාවලිය සඳහා බොහෝදුරට ජේස්ට ක්‍රීඩකයින් විශ්‍රාම ගැන්ව නවක ක්‍රීඩකයින් ඇතුලත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ඒ සඳහා  නම් කරන ලද දකුණු අප්‍රිකානු සංචිතයට තවමත් 20-20 වරම් දිනා නොමැති ක්‍රීඩකයන් වන ඒඞ්න් මාක්‍රම්, ඇන්රිච් නොට්ජේ සහ සින්තෙම්බා ක්වේශිල් ඇතුළත් කිරීමට එරට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

නායක ඩුප්ලෙසි, ක්වින්ටින් ඩි’කොක්, ඉම්රාන් තාහීර්, කගිසෝ රබාඩා යන ක්‍රීඩකයෝ අද පැවැත්වෙන පළමු විස්සයි20 තරගය සඳහා පමණක් ක්‍රීඩා කරනු ඇත. එසේම අවසන් තරග දෙකට නායක ඩුප්ලෙසි සහභාගි නොවීම නිසා එහිදී දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ජේ.පී. ඩුමිනිට පැවරී තිබේ.

ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා පළමු 20 යි 20 ක්‍රිකට් තරඟය අද ඕස්ට්‍රේලියානු නැගෙනහිර දිවා සම්මත වේලාවෙන් හෙට අලුයම 3 ට ආරම්භවීමට නියමිතයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now