SKIP TO MAIN CONTENT

!!..ඕස්ට්‍රේලියානු මහ මැතිවරණය 2016..!! ඕස්ට්‍රේලියානු ආර්ථික වර්ධන වේගයේ ප්‍රීතිය Turnbull භුක්ති විඳියි

ඕස්ට්‍රේලියානු ආර්ථික වර්ධන වේගය 3.1% ක් දක්වා ඉහලට

Australian Economy
Turnbull enjoys economic growth spurt Source: Getty Images

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඕස්ට්‍රේලියානු ආර්ථික වර්ධනයේ වේගවත්ම කාර්තුව අත් විඳීමට වසර හතරකට පසුව ඕස්ට්‍රේලියාවට හැකිවී තිබේ.

මේ හේතුවෙන් වාර්ෂික වර්ධන වේගය 3.1% ක් දක්වා ඉහල ගොස් ඇති මෙම ප්‍රතිපලය Turnbull රජයේ මැතිවරණ ව්‍යාපාරයට ප්‍රබල වාසියක් වී තිබේ.

අගමැති  Malcolm Turnbull මහතා මෙම ප්‍රතිපලය හේතුවෙන් උද්දාමයට පත් වී ඇති අතර ඔහුගේ මැතිවරණ පාටය වන  "jobs and growth" සඳහා මෙය දැඩි පිටිවහලක් වී ඇත.

Turnbull මහතා වැඩි දුරටත් කියා සිටියේ ප්‍රබල වර්ධන අගයන් ඉබේ නොලැබෙන බව සහ ඊට පැහැදිලි ආර්ථික සැලැස්මක් සහ ශක්තිමත් ආර්ථික නායකත්වයක් තිබිය යුතු බවය. තවදුරටත් අදහස් දැක්වූ Turnbull මහතා "රැකියා උත්පාදනයේ වර්ධනයක් පෙන්නුම් කළත් අපට සැහීමකට පත් විය හැකි මට්ටමක් තවම නැතැයි" කියා සිටියේය.

මෙම වර්ධනය සඳහා අපනයන ක්ෂේත්‍රය 1%ක සහ ගෘහස්ථ පරිභෝජනය 0.4%ක සැලකිය යුතු දායකත්වයක් සපයා තිබේ. මෙම දායකත්වය හේතුවෙන් අඩපනවූ ව්‍යාපාර ආයෝජනයන්ගේ පාඩුව පිරි මසා ගත හැකි බවද වාර්තා වෙයි.

භාණ්ඩාගාරික අමාත්‍ය Scott Morrison මහතා කියා සිටියේ මාර්තු මාසයෙන් අවසන් වූ කාර්තුවේදී ජාතික ආර්ථික අගයන් වල බිඳ වැටීමක් අපේක්ෂා කළ හෙයින්  රජය තම ආර්ථික සැලැස්මේදී ආයෝජන සඳහා වැඩි අවධානයක් යොමු කළ බවයි.

අද දින (01/06/2016) වාර්තාවූ මෙම ආර්ථික අගය, භාණ්ඩාගාරයේ සහ මධ්‍යම බැංකුවේ පුරෝකථන අගයන්ට වඩා ඉහල අගයක් ගත් අතර එම ආයතන අපේක්ෂා කරනු ලැබුවේ 2.5% ක අගයකි.

කෙසේවෙතත් ආර්ථික වර්ධන වේගය ශක්තිමත් වුවද විරැකියා ප්‍රතිශතය පහත ගියද ඊට සමානුපාතිකව වැටුප්වල වර්ධනයක් දක්නට නොමැති බවද වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now