ඕස්ට්‍රේලියාවද ඇතුළුව රටවල් 45 කට ගාස්තු අය කිරීමකින් තොරව On arrival වීසා ලබාදීමට ශ්‍රී ලංකා රජය තීරණය කරයි (SBS සිංහල / වාර්තා)

va

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව රටවල් 39කට වීසා ගාස්තු අය කිරීමකින් තොරව ලබා දීමට යෝජිතව තිබු on arrival වීසා ලබා දීම රටවල් 45 කට ලබා දීමට ශ්‍රී ලංකා රජය තීරණය කොට තිබේ. රජය මැයි 1 වැනිදා සිට මෙම වීසා ලබා දීමට යෝජනා කර තිබුනත් පාස්කු ඉරිදා ප්‍රහාර හේතුවෙන් ආරක්ෂාව මත එය කල් තැබිණ.

රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ සංචාරක ප්‍රවර්ධන අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ අනුදැනුමෙන් මෙසේ මෙම වීසා ලබා දෙන රටවල් සංඛ්‍යාව වැඩි කොට ඇති බවයි.

මේ අනුව අගෝස්තු 1 වන දා සිට වීසා ගාස්තු අය කිරීමකින් තොරව මසක කාලයක් සඳහා On arrival වීසා ලබාදීමට ශ්‍රී ලංකා රජය තීරණය කොට ඇත.

වාර්තා වන අන්දමට මේ වන විට ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු නැවත ඉක්මනින්ම යතා තත්වයට පත් වෙමින් පවතී. ලෝකයේ සාමාන්යෙන් ත්‍රස්ත ප්‍රහාරයකින් පසුව රටක් යතා තත්වයට පත් වීමට මාස 13 ක් පමණ ගත වන බව සදහන්.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපති කිෂූ ගෝමස් මහතා ගේ වාර්තා අනුව මැයි මසදී 71% කින් අඩු වූ සංචාරකයන්ගේ පැමිණීම ජුලි මස 3වැනි සතිය වන විට 38%ක අඩුවීමක් දක්වා පහත බැස තිබේ.

ඔහු බලාපොරොත්තු වන්නේ තවත් මාස 4 කින් පමණ එය යතා තත්වයට පත් වනු ඇති බවයි. 

මේ අතර රජය රුපියල් බිලියනයක සංචාරක ප්‍රවර්ධන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ශ්‍රී ලංකාවට ගුවන් ටිකට් පත් වල මිල අඩු කිරීමේ ක්රියාමාර්ගයක්ද ගැනීමට තීරණය කොට තිබේ.

එසේ On Arrival වීසා ලබා දෙන රටවල් මෙසේයි

1. Australia

 

2. Austria

 

3. Belgium

 

4. Bulgaria

 

5. Cambodia

 

6. Canada

 

7. China

 

8. Croatia

 

9. Cyprus

 

10. Czech Republic

 

11. Denmark

 

12. Estonia

 

13. Finland

 

14. France

 

15. Germany

 

16. Greece

 

17. Hungary

 

18. Iceland

 

19. India

 

20. Ireland

 

21. Italy

 

22. Japan

 

23. Latvia

 

24. Lithuania

 

25. Luxembourg

 

26. Malta

 

27. Malaysia

 

28. Netherlands

 

29. Norway

 

30. New Zealand

 

31. Philippines

 

32. Poland

 

33. Portugal

 

34. Romania

 

35. Russia

 

36. Singapore

 

37. Slovak Republic

 

38. Slovenia

 

39. South Korea

 

40. Spain

 

41. Sweden

 

42. Switzerland

 

43. Thailand

 

44. United Kingdom

 

45. United States of America 

sc
Source: SBS

2 min read

Published

Updated

By Charitha Adikari


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now