SKIP TO MAIN CONTENT

මෙල්බර්න් නුවරට ලෝක ප්‍රකට ‘Fearless Girl’ ප්‍රතිමාවේ අනුරුවක්.

'Fearless girl' statue unveiled in Melbourne
The statue of "Fearless Girl' was installed at Melbourne's Federation Square earlier this week. Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ලෝක ප්‍රකට ‘fearless girl’ ප්‍රතිමාවේ අනුරුවක් පසුගිය අඟහරුවාදා (26/02) මෙල්බර්න් නුවර Federation Square හිදී එළිදැක්විණි.

එළඹෙන මාර්තු 08 වන දිනට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය නිමිති කරගෙන මෙය සිදුකෙරිණි.

මීටර් 1.27 ක් උසැති මෙම අනුරුව ස්ත්‍රී - පුරුෂ සමානාත්මතාව සහ කාන්තාව බලාත්මක කිරීම සංකේතවත් කෙරේ.

මෙම ‘fearless girl’ මුල් ප්‍රතිමාව ඇමෙරිකාවේ නිව් යෝර්ක් නුවර පිහිටා ඇති අතර එය තවත් ලෝක ප්‍රසිද්ධ 'charging bull' ප්‍රතිමාව ඉදිරියෙහි නෙළා ඇත.

'Fearless girl' statue unveiled in Melbourne
The original "Fearless Girl" statue stands across from the "Charging Bull" statue in New York City. Source: AAP

‘fearless girl’ ප්‍රතිමාව ස්ථානගත කළ ලොව සිව්වන නගරය ලෙස මෙල්බර්න් නගරය ඉතිහාසගත වන අතර නිව් යෝර්ක්, ඔස්ලෝ, කේප් ටවුන් සෙසු නගර වෙයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now