ත්‍රස්ත ක්‍රියා වලට සහය දක්වන internet domains වලට පිවිසීම අවහිර කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සූදානම් වේ.

The Australian government will block access to internet domains hosting terrorist material during crisis events.

Source: Flickr

අර්බුදකාරී අවස්ථා වලදී ත්‍රස්ත ක්‍රියා වලට සම්බන්ධ ඡායාරූප, වීඩියෝ සහ ලිපි ලේඛන බෙදාහරිනු ලබන internet domains හෙවත් අන්තර්ජාල බලමණ්ඩල වලට පිවිසීම අවහිර කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සූදානම් වේ.

මේ අතර ඩිජිටල් මාධ්‍ය හරහා ක්‍රියාත්මක සමාජ ජාලවල ආරක්ෂණ කටයුතු තව දුරටත් දියුණු කරන ලෙස බල කිරීමට ද මෙම නව නීති හරහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සූදානම් වේ.

පසුගිය මාර්තු මාසයේදී සිදුවූ Christchurch වෙඩි තැබීමේ සිදුවීමෙන් අනතුරුව ඔස්ට්‍රේලියානු සහ නවසීලන්ත මධ්‍යම රජයන් වෙබ් අඩවි සහ සමාජ ජාල සමාගම් පිළිබඳ පරීක්ෂාකාරී වීම ඉහළ දමා තිබේ.

Christchurch වෙඩි තැබීමේ සිදුවීමෙන් මුස්ලිම් දේවස්ථාන දෙකක ආගමික වතාවත් වල යෙදී සිටි බැතිමතුන් 51 දෙනෙකු ඝාතනයට ලක්විය.

එම වෙඩි තැබීම Facebook හරහා සජීවීව විසුරුවා හැරීමට ද අදාළ ඝාතකයා කටයුතු යොදා තිබුණි.

ත්‍රස්ත ප්‍රහාර සහ සිවිල් අර්බුද වාර්තා කිරීමේදී මෙම නව නීති ජනමාධ්‍ය වෙත බලපාන අයුරු තවමත් අපැහැදිලි තත්ත්වයක ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත්, Facebook, Microsoft, Twitter වැනි තාක්ෂණික සමාගම් මෙන්ම ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක Telstra, vodafone සහ optus වැනි දුරකතන සමාගම් මේ පිළිබඳ තම නිර්දේශ ලබන මස අග වන විට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට ලබාදීමට නියමිත බවද සඳහන්.

ත්‍රස්තවාදීන්ට සහ ඔවුන්ට අනුබල දෙන උදවියට අන්තර්ජාලය මෙවලමක් කරගැනීමට ඔස්ට්‍රේලියාව ඉඩ නොදෙන බව සන්නිවේදන සහ සයිබර් කටයුතු පිළිබඳ අමාත්‍ය Paul Fletche පැවසීය.

Prime Minister Scott Morrison will use his presecne at the G-7 summit in France to push for countries to take further action against terrorist and other violent extremist material on social media.
Source: AAP

ත්‍රස්ත ක්‍රියා සහ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පතුරුවහැරීමට එරෙහිව සෑම රටක්ම ක්‍රියාමාර්ග ගත යුතුයි

ත්‍රස්ත ක්‍රියා සහ අනෙකුත් ප්‍රචණ්ඩකාරී සිදුවීම් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පතුරුවහැරීමට එරෙහිව සෑම රටක්ම ක්‍රියාමාර්ග ගත යුතු බවට ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison මෙවර G-7 සමුළුවේදී අවධාරණය කරයි.

ප්‍රංශ ජනාධිපති Emmanuel Macron ගෙන් ආරධනාවකට අනුව ප්‍රංශයේදී පැවැත්වෙන මෙවර G-7 සමුළුව සඳහා අගමැති මොරිසන් ට ආරාධිතයෙකු ලෙස සහභාගී වීමට අවස්ථාව ලැබුණි.

මෙවර සමුළුව අතරවාරයේදී අගමැති මොරිසන් ජපාන අගමැති Shinzo Abe ව මුණ ගැසීමට ද නියමිතය.

ලොව ක්‍රියාත්මක වන මහා පරිමාන තාක්ෂණික සමාගම් වල සහ ජනප්‍රිය වෙබ් අඩවි වල සහය නොමැතිව ඔස්ට්‍රේලියානු අගමැතිවරයාගේ ඉලක්කය සපුරාගත නොහැකි බව තාක්ෂණික විචාරකයෙකු වන Stephen Fenech පවසයි.


2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now